( ඩයනා උදයංගනී )
පාර්ලිමේන්තුවට හදුන්වා දී ඇති නව විද්‍යුත් ක්‍රමය යටතේ පළමු ඡන්ද විමසීම අද(25) සිදුකෙරිණි.
ඒ විදේශ විනිමය පාලන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවති විවාදය අවසානයේදී ය.
මෙහිදී මන්ත්‍රීවරුන් තම මේසයේ සවිකර ඇති යන්ත්‍රයෙහි ඇඟිලි සටහන තබා අදාළ වර්ණ බොත්තම තද කර ඡන්දය ප්‍රකාශකිරීම කළ යුතු වේ.
පක්ෂ නම් කොළ පැහැ බොත්තම ද, විපක්ෂ නම් රතු පැහැ බොත්තම ද, ඡන්දය දීමෙන් වැළකී සිටින විට තැඹිලි පැහැ බොත්තම එබිය යුතුය.
මෙම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවේදී විපක්ෂ නායක ආර්.සම්පන්ධන් මහතාට සහ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතාට වාචිකව ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුවිය.
ඒ ඔවුන්ගේ යන්ත්‍රවල මතු වූ දෝෂයක් හේතුවෙනි. ඡන්ද විමසීම අවසානයේ පනත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය.
2025 දෙසැම්බර් මස 04
263
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
403
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාර්ලිමේන්තුවේ ඡන්ද වීමසීම අලුත් වෙයි
lalith Tuesday, 25 July 2017 03:00 PM
දැන් නියමයි. වයර් මාරු කරලා කොළ ඔබපුවම රතු පත්තු කරන්නත් පුළුවනි.
vipula Wednesday, 26 July 2017 04:57 AM
තාක්ෂණයට නිගරු කරන්න එපා
Hafeel Wednesday, 26 July 2017 08:44 AM
අනේ පව් සොයිසා මහතා. පහුගිය ඡන්දෙත් අපලයි, මෙතනත් අපලයි.