( ඩයනා උදයංගනී )
පාර්ලිමේන්තුවට හදුන්වා දී ඇති නව විද්‍යුත් ක්‍රමය යටතේ පළමු ඡන්ද විමසීම අද(25) සිදුකෙරිණි.
ඒ විදේශ විනිමය පාලන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවති විවාදය අවසානයේදී ය.
මෙහිදී මන්ත්‍රීවරුන් තම මේසයේ සවිකර ඇති යන්ත්‍රයෙහි ඇඟිලි සටහන තබා අදාළ වර්ණ බොත්තම තද කර ඡන්දය ප්‍රකාශකිරීම කළ යුතු වේ.
පක්ෂ නම් කොළ පැහැ බොත්තම ද, විපක්ෂ නම් රතු පැහැ බොත්තම ද, ඡන්දය දීමෙන් වැළකී සිටින විට තැඹිලි පැහැ බොත්තම එබිය යුතුය.
මෙම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවේදී විපක්ෂ නායක ආර්.සම්පන්ධන් මහතාට සහ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතාට වාචිකව ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුවිය.
ඒ ඔවුන්ගේ යන්ත්‍රවල මතු වූ දෝෂයක් හේතුවෙනි. ඡන්ද විමසීම අවසානයේ පනත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නියමයි. වයර් මාරු කරලා කොළ ඔබපුවම රතු පත්තු කරන්නත් පුළුවනි.
තාක්ෂණයට නිගරු කරන්න එපා
අනේ පව් සොයිසා මහතා. පහුගිය ඡන්දෙත් අපලයි, මෙතනත් අපලයි.