(ඩයනා උදයංගනී)

පසුගිය මහ මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද (8) දිවුරුම් දුන්නේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා දැනට මරණ දඬුවම නියමව රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින අතර අද පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට මන්ත්‍රීවරයා බන්ධනාගාර ආරක්ෂාව යටතේ පැමිණියේ ය.

ප්‍රේමලාල් ජයසේකර මහතා මන්ත්‍රීවරයකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමේ අවස්ථාවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරු කළු පැහැති සාටක පැළඳ සිය විරෝධය පළ කරනු දක්නට ලැබිණි. 

 

(  ඡායාරූප - ළහිරු හර්ෂණ )