IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පැරණි සොහොන් බිමේ දැව කැපීම් කළ කොන්ත්‍රාත්කරුට වාරණයක්

(සිතුම් චතුරංග)
 
වවුනියාව අග්බෝපුර මෙගලතික යුගයේ පෞරාණික සුමේරියන් සොහොන් විනාශ කරමින් කැණීම් සිදුකිරීම හේතුවෙන් වවුනියාව අඩවි වන නිලධාරීන්, රාජ්‍ය දැව සංස්ථාවේ නිලධාරීන් හා ප‍්‍රදේශයේ තේක්ක දැව කැපීම් සිදුකළ පෞද්ගලික කොන්ත‍්‍රාත්කරු වෙත නැවත එම භූමි ප‍්‍රදේශයට ඇතුල් නොවන ලෙස දන්වා වාරණ නියෝගයක් අද (04) වවුනියාව අතිරේක මහෙස්ත‍්‍රාත් ෆස්ලම් තවුසිම් මහත්මිය නියෝග කළාය.

පසුගිය අපේ‍්‍රල් මස 19 වැනි දින සිට වවුනියාව වන සංරක්ෂණ නිලධාරීන් විසින් පුරාවිද්‍යා නිලධාරීන්ගේ අනුමැතියකින් තොරව මෙගලතික යුගයේ පෞරාණික සුමේරියන් සොහොන් පිහිටි අක්කර 42 ක භූමි ප‍්‍රදේශය දැව සංස්ථාවේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ලිඛිතව තේක්ක දැව කැපීම සඳහා පෞද්ගලික කොන්ත‍්‍රාත්කරුවෙකු වෙත ලබාදී තිබිණ.

අදාල ප‍්‍රදේශය පිළිබද පුරාවිද්‍යා වාර්තාවක් ලබන නඩු දිනය වන සැප්තැම්බර් 11 වැනි දා ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත‍්‍රාත්වරිය දැනුම් දෙනු ලැබුවාය.
             



අදහස් (0)

පැරණි සොහොන් බිමේ දැව කැපීම් කළ කොන්ත්‍රාත්කරුට වාරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site