(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආදායම් බලපත්‍ර වලින් ලද රුපියල් පන් ලක්ෂයකට අධික මුදලක් පරිගණක දත්ත වෙනස් කර වංචා කළ බව කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආදායම් බලපත්‍ර නිකුත් කරන බලාත්මක නිලධාරිනිය අත්අඩංගුවට ගත් බව හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකාරිය පන් ලක්ෂ නවදහස් අසූපහක මුදලක් පනස් එක් වතාවකදි එලෙස වංචා කර ඇති බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.
ආදායම් බලපත්‍ර සඳහා මුදල් ලබා ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පත් කර සිටින නිලධාරිනිය මූල්‍ය වංචාවක් කර ඇති බවට හොරණ ප්‍රාදේශීය ලේකම් කමල් පුෂ්පකුමාර මහතා විශේෂ අපරාධ විමර්ශන අංශයට ඉකුත් ජූලි මස 25වැනි දින සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
පළාත් සභා ඇතිකරන්න පෙර කච්චේරි කාලෙ මමත් ආදායම් බලපත්‍ර අංශයේ ප්‍රධානියා වෙලා සිටියා. අපි කලේ වවුචරය සකස්කර කච්චේරි බැංකුවට යවලා මුදල් ගෙවීමට සැලැස්වීම. ඒ කාලේ ඔහොම වංචා කරන්න බැරිවුනා. දැනුත් සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල බලපත්‍ර නිලධාරියා දෙන වවුචරයට මුදල් ගන්නෙ සරප් නිලධාරි නැත්නම් අයකැමි එහෙම විනිවිද භාවයක් නැතිවුනාම ඔහොම වෙනවා
මැති සභයට එන්න සුදුසුකම් ඇත.
මමත් දවසක් ගියා අදායම් බලපත්‍රය ගන්න මට කිව්වා දෙන්න බැහැ පොත තියෙන එක්කෙනාගේ ජොබ් හැදුනුම්පත ගේන්න කියලා.