(අජිත්ලාල් ශාන්තඋදය)
නීති විරෝධී අයුරින් දකුණු කොරියාවේ රැඳී සිටින ශ‍්‍රීලාංකිකයන්ට එරටින් පිටවීමට මාස තුනක පොදු සමා කාලයක් ලබාදී ඇති බැවින් එම පොදු සමාකාලය අවසන් වන ඔක්තෝම්බර් 10 දිනට පෙර ශ‍්‍රී ලංකාවට එන මෙන් ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එරට නීති විරෝධීව රැදී සිටින ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
2011 වසරේ සිට 2016 දක්වා වූ කාලය තුළ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් 1983 දෙනෙක් දකුණු කොරියාවේ රැදී සිටින බව ද විදේස සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මේ වනවිට ඔවුන් සඳහා නීති මාර්ගයෙන් කටයුතු කර රුපියල් ලක්‍ෂ විස්සක ඇප බැඳුම්කරය අයකර ගැනීමට කාර්යාංශය කටයුතු කරමින් සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලා ගැන අවංකවම කනගාටුයි. ඉතාලියටවත් එන්න බලන්න. ඉතාලිය, සන් මැරීනෝ රාජ්‍යය සහ අවට මොනාකෝ සහ ස්විට්සර්ලන්තයේ රැකියා අවස්ථා බහුලව තිබෙනවා.
ලංකාවට ඇවිත් මොනවා කරන්නද? අලුතෙන් රස්සාවල් දෙනවද? ව්‍යාපාර ආරම්භ කරන්න පහසුකම් සලසනවද ? තිබෙන රස්සාවක් කරගෙන ඔහෙටම වෙලා ඉන්න එක නරකද ?