(ඩයනා උදයංගනී )
මුහුණ පැහැපත් වන බව පවසමින් නීති විරෝධී ලෙස විකිණූ මුහුණු ආලේපන තොගයක් පිටකොටුවේ වෙළඳසැල් දෙකකින් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය පවසයි. මෙම ආලේපන තොගය රුපියල් ලක්ෂ 11 කට වැඩි වටිනාකමකින් යුත් බවත්, ඒවායේ මිල, නිෂ්පාදිත දිනය, කල්ඉකුත්වන දිනය හෝ කාණ්ඩ අංක සඳහන් කර නොතිබූ බවත් පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසීය.
එම ආලේපන එකක් රුපියල් 300 බැගින් අලෙවි කර ඇති අතර එක් වෙඳසැලකින් ආලේපන සහිත බහාලූම් 2,500 ක් හා අනෙක් වෙළඳසැලෙන් 1,300 ක් සොයාගත් බව ද සභාපතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට බැරිද මේකට සම්බන්ධ අයගේ විස්තර දාන්න???