( අජන්ත කුමාර අගලකඩ)
නවක ආයුර්වේද වෛද්‍යවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේදී ඔවුන්ගේ පුහුණු කටයුතු සඳහා ලබා දුන්‘පෙන් ඩ්‍රයිව්‘ එක වෙනුවෙන් වැය වු රුපියල් 950 ක මුදල ඔවුන්ගේ වැටුපෙන් අය කර ගන්නැයි ආයුර්වේද දෙපාර්තමේන්තුව පළාත් ආයුර්වේද කොමසාරිස් නිතීපතිට දැනුම් දී ඇත.
ආයුර්වේද කොමසාරිස්වරයා වෙනුවෙන් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරීවරයා පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන්ට ලිපියක් යවමින් මෙම දැනුම් දීම කර තිබේ.
වැටුපෙන් අඩු කරගන්නා රුපියල් 950 ක මුදල රජයේ ආදායමට බැර කර එහි බැර වාර්තාව ආයුර්වේද දෙපාර්තමේන්තුවට එවන ලෙසද එවු ලිපියේ දන්වා ඇත.
නවක ආයුර්වේද වෛද්‍යවරුන් 690 දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මීට මාස දෙකකට පමණ ඉහතදී සිදු වු අතර එහිදී එහිදී ඔවුන්ට එම ‘පෙන් ඩ්‍රයිව්‘ එක පිරි නැමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා අවශ්‍ය කටයුත්තක්. මේ අය කිරීමෙන් රටේ ණය බර ගොඩාක් අඩුවෙලා, රටේ ආර්ථිකයත් ඉහළ යාවි. අර නෝනගේ වැසිකිලි නඩත්තුවට වඩා මේ රුපියල් 950 රටේ ආර්ථිකයට ලොකු පාඩුවක් වුණා.
වැඩේ කැතයි වගේ...... පේන් නැද්ද ?
රුපියල් 950 කියන්නේ... බුදු අම්මෝ කොච්චර ලොකු ගාණක්ද? මෙව්වනේ ගණන් අරගෙන මොනවටද? පුදුම රටක්නේ මේක...
අය කරගන්න එක හොදා. නැත්නම් එකත් අපේ බදු මුදලින් තමා කැපෙන්නේ.
කවුද මේ මෝඩ වැඩේ කෙරුවේ? අම්මපා ආණ්ඩුව අරපිරිමැස්මෙන් රට පාලනය කරනකොට මෙයාකාර මුදල් නාස්තියක් කරන්න හදන්නේ ආණ්ඩු විරෝධි නිලධාරියෝ වෙන්න ඇති මගේ හිතේ. මේ සල්ලිවලින් රටේ රෝහල් කීයකට ගොඩනැගිලි හදන්න තිබුණද? එහෙම නැත්නම් ඇමතිවරු කී දෙනෙකුට වාහන ගන්න තිබුණද?
දේශපාලකයන්ගේ අරකට මේකට දාස් ගණන් වෙන් කරන රටක කට්ට කාලා වෛද්‍යවරු වෙච්ච අයගේ පඩියෙන් මේ වගේ සුළු දේත් කපනවා කියන්නේ හිඟන වැඩක්. ලැජ්ජයි.!!!
රාජිත කළොත් ඔය වගේ වැඩක් තමා විලිලැජ්ජයි. දොස්තර මහත්තයලා, නෝනලා ඕවට කලබල වෙන්න එපා. විශාල වියදමක් කර, දුක් විඳලා ඔය ලබපු පුහුණුව මිනිසා වෙනුවෙන් කරුණාවෙන් කටයුතු කරන්න. අහිංසක මිනිසාට දීර්ඝායුෂ ලබාදෙන්න. ඔබ බිහිකළ මවට, ඇති ඇති දැඩිකළ පියාට දීඝායු ලැබේවි!!!