IMG-LOGO

නයාරු මුහුදේ මසුන් මැරීමට ආ දකුණේ ධීවරයෝ ආපසු යති

( රොමේෂ් මධුෂංඛ) 


මුලතිව් නයාරුහි සිටි සංචාරක් ධීවරයින් හේතුවෙන් ධීවර වාඩිවලට ගිනි තැබීමෙන් හා පැවති විරෝධතාවන් වලින් අනතුරුව දකුණු පළාතේ සිට නයාරුවල මසුන් ඇල්ලීමට පැමිණි ධිවරයින් සිය ධීවර ආම්පන්න රැගෙන නැවත දකුණු පළාත් වෙත මේ වන විට පිටත්වීම ආරම්භ කර තිබේ.


මුලතිව්හි සංචාරක ධීවරයින් ඉවත්වන අවස්ථාවන්හි දැඩි පොලිස් ආරක්ෂක රැකවල් මධ්‍යයේ ඉවත්වීමට සිදුව ඇත්තේ පසුගියදා සංචාරක ධීවරයින්ගේ වාඩි ගිනි ගැනීමෙන් පසුව සංචාරක ධීවරයින් ඉවත්වීමේදී ගැටුමක් ඇති වේ යැයි යන අවදානම හේතුවෙනි.


නයාරු ප්‍රදේ‍ශයේ සංචාරක ධීවර කර්මාන්තයේ යෙදී සිටි ධීවරයින් පළවා හරින ලෙසත් සංචාරක ධීවරයින් විසින් සිදු කරන තහනම් දැල් ආම්පන්න යොදා සිදු කරන ධීවර කටයුතු නවතන ලෙසටත්  පසුගියදා මුලතිව් ධීවරයින් විරෝධතා වැඩසටහන් පැවැත්වු අතර, අදාළ විරෝධතාවයන්ගෙන් අනතුරුව පසුගිය 13 වැනිදා නයාරු ප්‍රදේශයේ සංචාරක ධීවරයින් නැවති සිටි ධීවර වාඩි වෙතද කිසියම් පිරිසක් ගිනි තබා තිබුණි. 


නයාරු ධීවර වාඩිවලට ගිනි තැබීමෙන් ධීවර වාඩි 8 ක් සහ බෝට්ටු 2 ක්  ගිනිගෙන විනාශ වි ඇති අතර, ධිවර වාඩිවල තිබු දැල් ආම්පන්න තොගයක්ද ගින්නට හසු වී විනාශ වි තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් සභා මන්ත්‍රී  ටී. රවිහරන් මහතා පැවසූවේ දකුණු පළාතේ සිට නයාරු වෙත ධීවර ජනතාව පැමිණ ධීවර කටයුතු සිදුකිරීම හේතුවෙන් මුලතිව් ධීවර ජනතාවට අසාධාරණයක් සිදුව ඇති බවත් දකුණේ ධීවරයින්ට මසුන් ඇල්ලීමට විශාල ප්‍රදේශයක් පවතින බැවින් අදාළ සංචාරක ධීවරයින්ට ඇති වු ගැටළුව හමුවේ නයාරු ප්‍රදේශයේ නැවති සිටි ධීවරයින් ඉවත් කරන ලෙසට තමන් ඉල්ල සිටි බවයි.



අදහස් (6)

නයාරු මුහුදේ මසුන් මැරීමට ආ දකුණේ ධීවරයෝ ආපසු යති

කෝමාරිකා Friday, 17 August 2018 07:04 AM

ශෝගම් සමුළුවක් තියාගන්න වුවමනාවට උතුරු පළාත බන්දේසියක තියලා විග්නේශ්වරන් නමැති ජාතිවාදියව මහඇමති කරන්න. ඔය උතුරු පළාත් සභාව 2013 පිහිටෙව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයායි. හොඳයි උන්දැගේ දේශප්‍රේමී බව!

:       153       7

samanFriday, 17 August 2018 08:59 AM

ඉතින් ඔච්චර ඕනෙකම තියනවා නම් පැය විසිහතරෙන් ඔය පළාත් සභාව විසුරුවලා දාන්න ඉන්න ජනපතිට බලය තියනවනේ....

:       0       113

krishantha Friday, 17 August 2018 07:29 AM

පත්තරේ දැම්මනේ..දැන් දකියි. සිංහ රැලක වුණත් නායකයා හැටියට අහවල් ජාතියේ කෙනෙක් දැම්මොත් වෙනදේ දන්නවනේ....

:       0       98

nuwan Friday, 17 August 2018 08:06 AM

උතුරු දකුණ කියලා ලේබල් ගහලා තමයි ඕවා පටන් ගන්නේ. කොඳු නැති පාලකයන්ගේ වැරදි තමයි මේවා...

:       0       122

sarath perth Friday, 17 August 2018 09:02 AM

දැන් සතුටුද.....?

:       0       5

prabha Friday, 17 August 2018 11:37 AM

කෝ දැන් ඔය විරෝධය ඉන්දියාවෙන් එන ධීවරයන්ට?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site