ඉන්දිකා රාමනායක
නියෝජ්‍ය අමාත්‍යවරයකු පරිහරනය කර නැවත බාර දී තිබු සුඛෝපභෝගී මෝටර් රථයක් තුළ තිබී රිවෝල් පිස්තෝලයක් සොයා ගත් බවත්, එය පොලිස් දෙපාර්තමේන්තුව සතු එකක් නොවන බවත් පොලිසිය කියයි.
මෙම සුඛෝපභෝගී මෝටර් රථය කොටුව මුදල් අමාත්‍යංශ රථගාලේ නවතා තිබී ඇති අතර මුදල් අමාත්‍යාංශයේ රියදුරකු එය පිරිසිදු කිරීමේ දී එහි තිබී මෙම රිවෝල්වරය හා දුම්බෝබයක් සොයාගෙන තිබිණි.
මෙම රිවෝල්වරය සම්බන්ධයෙන් අධිකරණ නියෝග ලබාගෙන එහි අංකය අනුව පරීක්ෂණ පවත්වන බවද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
COMMENTS
පිස්තෝල නැති ඇමති කෙනෙක් සොයන එක නිකන් කළුනික සොයනවා වගේ වැඩක් ?
පේනවා නේද ලංකාවේ හොර ආයුධ තියන තැන්. ඕවා දෙවියන් විසින් මවපු ඒවා වෙන්න ඇති. ඔය ආයුධ භාවිතා කරලා කරන වැඩ? බ්ලස්ටික් ටෙස්ට් එකක් කරලා බලන්න මේ ආයුධ නොවිසඳූ අපරාධ කීයකට සම්බන්ධ වෙලා තියනවද කියලා....
ලංකාවේ දේශපාලකයෝ බලයට එන්නේ රට දියුණු කරන්න නෙමෙයි. ඒ අයගේ මඩි තර කරගන්න විතරයි. ඡන්දෙ දෙන අයට තමයි කියන්න තියෙන්නේ. මේ අය පිස්තෝල තියාගෙන ඉන්නේ මොකටද? කෝ මේ රට පාලනය කරන අය? ඇයි බැරි මේක ගැන පරික්ෂණයක් කරන්න?