(ඩයනා උදයංගනී)
නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් වෙත කුණු බැහැර කිරීම මැයි 1 වැනි දා සිට තහනම් කිරීමට එම අධිකාරිය තීරණය කර ඇත. යම් නගර සභාවකට, ප‍්‍රාදේශීය සභාවකට හෝ රජයේ ආයතනයකට කුණු බැහැර කරලීමට භූමියක් අවශ්‍ය වන්නේ නම් එම ආයතන සතු ප‍්‍රතිපාදනවලින් භූමියක් ලබාගැනීමට සිදුවන බව ද එම අධිකාරිය පවසයි.
මීතොටමුල්ලට කුණු නොදමන ලෙස 2015 දෙසැම්බර් මාසයේ දී කොළඹ මනනගර සභාවට දැනුම් දුන් බවත් ඒ අනුව ඔවුන් විකල්ප ස්ථාන කිහිපයක් සොයාගත් නමුත් විරෝධතා ඇතිවීම නිසා කසල ගෙනයාමට නොහැකි වූ බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කසල ප‍්‍රතිචක්‍රීයකරණය කිරීමේදී කසල කිලෝවකට රුපියල් 7 ත්, 10 ත් අතර මුදලක් වැය වන බව කියන අමාත්‍යවරයා එය ගෙවීමට කිසිම ආයතනයක් නොමැතිවීම කසල කළමනාකරණයේදී ගැටළුවක් වී ඇතැයි ද ඒ මහතා කියයි.
COMMENTS
ඇමතිතුමෝ වස්තර ඇඳගෙනද ඉන්නේ කියල පළමුව බලනු මැනවි.
පොලිතින් සදහා බදු වැඩි කරන්න. එයින් කසල ප්‍රමාණය අඩු වෙනවා. ලැබෙන අමතර අදායම ප්‍රතිචක්‍රීකරණයට යොදවන්න.
ඉතින් කුණු එකතු කරද්දී මුදල් අය කරනවානම් කව්රුත් සල්ලි දීල කුණු දෙන එකක් නෑ. තමන්ම කළමනාකරණය කරගනී. අර පිටරටවල වගේ recycling centers හැදුවනම් හරි. එතකොට අනවශ්‍ය දේවල් එතනට බාර දෙන්න පුළුවන්...
ඔව් ඒකට සල්ලි නෑ. හැබැයි මැති ඇමැති ගොල්ලන්ට ලොකු ලොකු වාහන ගන්න සල්ලි තියනවා.
එතකොට බදු / වරිපනම් සහ වෙනත් අයකිරීම් අයකරන්නේ මොන ආයතන වලින්ද?
හරිනම් මෙම වියදම් පළාත් පාලන ආයතන විසින් දැරිය යුතුය , පළාත් පාලන ආයතන වලට බදු ගෙවන ජනතාවට අවශ්‍ය මෙවැනි මුලික සේවා සැපීමට එම ආයතන නීතියෙන් බැදී සිටින අතර , අද බොහෝ දුරට එම ආයතන වලින් ජනතාවට දිය යුතු මුලික පහසුකම් දීම පසෙක දම එම බදු මුදල් එම ආයතන වලට අනුබද්ද දේශපාලකයන්ට සහ නිලධාරිනට සැප වාහන ගැනීමට , සාද පැවැත්වීමට , පිටරට වල සහ ලංකාවේ සවාරි යෑම ට යොදවන බව පෙනේ , රජයේ ඇමති වරු ලොකු ලොකු මෙගා පොලිස් නගර සැදීමට සුරඟන කතා කියන අතර ජනතාවට ප්‍රථමික අවශ්‍යතාවයක් වන කලි කසල ප්‍රශ්නයට විසදුමක් දීමට නොහැකිව සිටි .
බඩයන කොට පොරොප්ප භාවිතා කර ලෙඩේ සනීප කරන්න යනවා වගෙයි මේ යෝජනාව