( අමදෝරු අමරජීව)
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමලයේ පිහිටි සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යන පීඨය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දැමිමට කටයුතු කළ බව පීඨාධිපතිනි එස්. කුමුදුනි දේවි මහත්මිය පැවසිය.
මෙම පීඨයේ සිසුන් ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් මැයි පළමු වැනිදා සිට පංති වර්ජනයක් ආරම්භ කළ අතර මේ සම්බන්ධයෙන් මණ්ඩපය සමඟ අවස්ථා ගණනාවකදි පැවති සාකච්ඡා වලට එකඟ නොවි අඛණ්ඩව පංති වර්ජනයක් දියත් කරගෙන යන නිසා මෙම තීරණය ගත් බව පීඨාධිපතිනිය පැවසිය.
මේ අනුව සංනිවේදන හා ව්‍යාපාර අධ්‍යන පීඨයේ එක, දෙක,තුන හා හතර වසරවල අධ්‍යන කටයුතු තාවකාලිකව නවතා දමන බව පීඨාධිපතිනිය පැවසිය.
මෙම පීඨයට 2016/17 අධ්‍යන වර්ෂය සදහා නවක සිසුන් ඇතුළත් කරගැනිම පසුගිය පස් වැනිදා සිදුකිරිමට නියමිතව තිබු අතර මෙම පංති වර්ජනය නිසා එම කටයුතුද මීට පෙර දින නියමයක් නොමැතිව කල්දැමීමට බලධාරින්ට සිදුවිය.
2025 දෙසැම්බර් මස 04
640
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
531
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
437
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නැගෙනහිර සරසවියේ සන්නිවේදන-ව්‍යාපාර පීඨය වසා දමයි