( අංජුල මහික වීරරත්න)
නකල්ස් රක්ෂිත සංවේදී කලාපයේ එක් බිම් අඟලක්වත් ආයෝජන ලබා දී ඇත්නම් පෙන්වන ලෙස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය හමුවකදී අද (07) අභියෝග කළේය.
රක්ෂිත සීමාවෙන් පිට රජයේ වතු වලට අයත් හිස් භූමි වල පරිසර හිතකාමී කෘෂි කාර්මික ව්‍යාපෘති සහ කිරි ගවයින් ඇති කිරීම වැනි සත්ව පාලන ව්‍යාපෘති පමණක් ඇරැඹිමට යෝජනා ලබාගෙන තිබෙන බව කී අමාත්‍යවරයා නකල්ස් රක්ෂිතයේ බිම් අඟලක්වත් විනාශවීමට ඉඩ නොතබන බව අවධාරණය කළේය.
නකල්ස් රක්ෂිතය ආශ්‍රිත ඉඩම් පෞද්ගලික අංශයට පවරා දීම පිළිබඳව එල්ල වන චෝදනා වලට පිළිතුරු දීම සඳහා කැඳවා තිබු මෙම මාධ්‍ය හමුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.
(ඡායාරූප හා වීඩියෝ ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගින්දර නොමැතිව දුම එන්නේ.
අනේ හරිම අහිංසක "හීනෙන්වත්.. හොරකමක්, කොමිස් ගැහිල්ලක්, අධිවේගී මාර්ගවල අවැඩක් ගැන නොහිතන සර්වසම්පුර්ණ " ඕන පට්ටිගොනෙකුට යුද්ද කරන්න බැහැ කියපු මේ වගේ කාක් බෝ පැලෙකට නේද මේ මිනිස්සු පරිබව කරන්නේ ??? හොද නැහැ හොද නැහැ.
එතකොට චාමිකර මහත්තය කිව්වේ බොරුද? අපි කැමතියි ඇත්ත දැනගන්න.
එහෙනම් නකල්ස් රක්ෂිතයටත් බඩුම තමයි ! මේ කට්ටිය ඒකති විනාශ කරයි වගේ....... ඒක තමයි මේ වටෙන් පිටෙන් හොටදාගෙන එන්නේ.
නකල්ස් රක්ෂිතයේ පැරණි භූ සිතියම් වලට අනුකුලවද නැතිනම් ඉතා මෑතකදී සකසන ලද භූ සිතියම් වලට අනුකුලවද ඔය ව්‍යාපෘති අනුමතකලේ කියලා කියන්න පුලුවන්ද?
පැහැදිලියි. නකල්ස් රක්ෂිතයේ සංවේදී සීමාව අසල නැවතී සිටින බව. පරංගින් එළුසමක් එලා ගැනීමට තරම් බිම් කොටසක් සිංහලේ රජුගෙන් ඉල්ලා සිටි කතාව අපි දනිමු. නකල්ස් ඔබත් ගහලයාගේ දන්ගෙඩියට ලඟයි.