(මුදිතා දයානන්ද)
ගල්ගමුව කැලෑවක වැවක් අසල තිබී සොයාගත් ඇත් මළ සිරුර මාස දෙකකට පෙර අතුරුදන්වූ දළ පූට්ටුවාගේ බවට මරණ පරික්ෂණයේදි තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි.
මෙය වෙඩි තබා සිදුකරන ලද ඝාතනයක් බවට තහවුරු වී ඇති අතර මියගොස් සිටි ඇතාගේ ද දළ කපා ඇති බවට සළකුණූ තිබු බවත් දළ පුට්ටුවාට වෙදකම් කළ වෙද මහතා විසින් ඒ දළ පූට්ටුවාම බවට හඳුනාගත් බවත් පොලිසිය පවසයි.
ඒ අනුව ආගමික වතාවත් සිදුකර ගල්ගමුවේ දළ පූට්ටුවාගේ අවසන් කටයුතු සිදුකරන බවද පොලිසිය පවසයි.
මේ අතර දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා කටයුතු කර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.