(අජිත්ලාල් ශාන්තඋදය)
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය ආයතන ශාඛාවේ ඒකාබද්ධ සේවා නොවන ශාඛාවේ දෙමළ භාෂාව දන්නා සේවකයන්ගේ උග‍්‍ර හිඟය හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ, ගුරු විද්‍යා, ජාතික පාසල්, ගුරු මධ්‍යස්ථාන සහ පළාත් පාසල් වල සේවය කරන අනධ්‍යයන කාර්ය මණ්ඩල ගැටලූවලට විසඳුම් නොලැබෙන බව අධ්‍යාපන අනධ්‍යයන සේවා වෘත්තිකයන්ගේ ඒකාබද්ධ සංගමය කියයි.
එම සංගමයේ ලේකම් ඒ.කේ.ඩබ්. විජේසේකර මහතා මාධ්‍ය දැනුවත් කරමින් පැවසුමේ මේ හේතුවෙන් දෙමළ මාධ්‍යයෙන් කටයුතු කරන තම සාමාජිකයන්ට විශාල අසාධාරණයක් සිදුව ඇති බවයි.
අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ ප‍්‍රාථමික මට්ටමට අයත් කනිෂ්ඨ සේවකයන් සහ ද්විතීක මට්ටමට අයත් නිලධාරීන් 15000ක් පමණ දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ, ගුරු විද්‍යාල, ජාතික පාසල්, ගුරු මධ්‍යස්ථාන සහ පළාත් පාසල් වල සේවය කරන බවයි.
සනීපාරක්‍ෂක කම්කරු, පාසල් කම්කරු, මුරකරු, රසායනාගාර සේවක, පුස්තකාල සේවක යන තනතුරු ප‍්‍රාථමික මට්ටමේ සේවක ගණයට අයත්ය. රසායනාගාර සහකාර, ශිෂ්‍ය නිවාස අධිකාරී, සහකාර ශිෂ්‍ය නිවාස අධිකාරී, ලේඛන සහකාර, දත්ත සටහන්කරු, ශ‍්‍රව්‍ය දෘෂ්‍ය සහකාර යන තනතුරු ද්විතීක මට්ටමේ නිලධාරී තනතුරුවලට අයත් ය.
මෙම ඝණවලට අයත් අනධ්‍යයන සේවක සේවිකාවන් හාර දහසක් පමණ උතුරු නැගෙනහිර පළාත් දෙකේ සේවය කරන බව අධ්‍යාපන අනධ්‍යයන සේවා වෘත්තිකයන්ගේ ඒකාබද්ධ සංගමයේ ලේකම් ඒ.කේ.ඩබ්. විජේසේකර මහතා අවධාරණය කරයි.
මේ ගැටලූ විසඳීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය ආයතන ශාඛාවේ ඒකාබද්ධ සේවා නොවන ශාඛාවට දෙමළ භාෂාව කතාකළ හැකි සහ ලිවිය හැකි සේවකයින් කඩිනම්ව පත් කරන්නැයි ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අධ්‍යාපන ඇමතිවරයා ඇතුලූ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ.කේ.ඩබ්. විජේසේකර මහතා පැවසුවේ ය.
2025 දෙසැම්බර් මස 18
623
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙමළ භාෂා සේවක හිඟයෙන් උතුර-නැ‘හිර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළු රැසක්
nuwan Tuesday, 18 September 2018 07:23 AM
දැන් එතකොට සිංහල අපේ දරුවන්ට දෙමළ ඉස්කෝලේ දාගෙන උගන්වනවා වගේ දෙමල කට්ටියට සිංහල උගන්වන්නේ නැද්ද??
Menna Tuesday, 18 September 2018 10:24 AM
එක රටකට එක භාෂාවක් හොඳටම ඇති කියලයි මටනම් හිතෙන්නේ.