(උපාලි ආනන්ද)
වෛද්‍ය ජෝන් පුල්ලේ මහතාගේ නිවසට,වෛද්‍ය මධ්‍යස්ථානයට, කාර්යාලයට සහ වාහන වලට ගිනි තබා විනාශ කර ඇත්තේ අනුරාධපුර පොලිසියේ උසස් නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් ඒ දෙස බලාගනෙ සිටියදී බව අදාළ නඩු විභාගයේදී තහවුරු වී ඇති බව උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ප‍්‍රකාශ කළේය.
එම ස්ථානයේ සිටි පොලිස් නිළධාරින් ක‍්‍රියා කර ඇති අකාරය පුදුම සහගත මෙන්ම අතිශය කනගාටුදායක බවත් විනිසුරුවරයා පැවසීය.
ඕනෑම අපරාධයක් වැළැක්වීම සදහා තම උපරිම ශක්ති ප‍්‍රමාණයෙන් ක‍්‍රියා කිරීමේ වගකීමක් සෑම පොලිස් නිලධාරියෙක් වෙතම පැවරී ඇති බවත් අනාවරණය වන ආකාරයට මෙම අපරාධය සිදු වූ ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන්ගෙන් බහුතරයක් අපරාධය වැළැක්වීම සදහා අවශ්‍ය පියවර ගෙන නැති බවත් විනිසුරුවරයා අධිකරණයේදී ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පොලිසියට දඬුවම් නැද්ද?
පුදුමයක්ද? ශ්‍රී ලංකා පොලිසියනේ....
පව් ඒ ගොල්ලෝ කවදාවත් දැකල නැතිව ඇති මෙහෙම දෙයක් ඒකයි බලා ගෙන ඉන්න ඇත්තේ.
මේ වෛද්‍ය ජෝන් පුල්ලේ මහත්තයා හරිම හොඳ කෙනෙක්. පුද්ගලිකවම මම දන්නා දෙයක් ඒක. මට පොඩි කාලේ බෙහෙත් අරන් තියෙනවා මෙතුමාගෙන්. එ්ත් එතුමා සහ ජානක පෙරේරා මැතිතුමාලාව මැරුවා කොටි විසින්.
මේ වෙදැදුරු අපේ ගම්පලාත් වලට කළ සේවය අති මහත් ජේ වී පී කලබල කාලේ ඔහු මාරුව සොයා ආවත් ගමේ අපේ අය ඔහුව ආරක්ෂා කළා.
දේශපාලුවෝ නීතියට වඩා ලොකුය කියා හිතන ක්‍රියාකරන අවදියක වළක්වන්න ගියානම් මොකද වෙන්නේ?
මහ ලොකුවට තරු පටි මුලු ඇඟ පුරාම ගහගෙන අඩියක් පමණ උඩින් යන පොලිස් කෙරුමෝ මේ විනිසුරුගේ ප්‍රකාශය අහලා ලජ්ජා වී තමා තමාගෙන්‍ම ඇසිය යුතුයි අය්යෝ මං මොකටද මේ වගේ දීන වුනේ කියලා.
මේ තුමා ජිවක වේද මහත්මයෙක් මා හටත් මගේ දරුවන්ටත් අසනීප සුවකර දුන් අයෙක්, දේශපාලන බලලොබි කමටත් මැර බලයත් නිසා මෙතුමාට උනේ විශාල අපරාදයක් මෙවෙලාවේ පොලිසිය උඩබලන් හිටිය බව දැකපු අය ඕන තරම් සිටිනවා මමත් අ පුර නවනගරයේ වැසියෙක් ලීල් ගුනවර්දෙන .