IMG-LOGO

දෙදරු පියා වෑන් රියත් සමග අතුරුදන්

( සමන් විජය බංඩාර)

වෑන් රියක් සමග දෙදරු පියකු(47) දින 5 ක් තිස්සේ අතුරුදහන් වී ඇතැයි කියමින් ඔහුගේ බිරිඳ හෙම්මාතගම පොලිසියට පැමිණිල්ලක් කළාය.

බටන්ගලවත්ත, ගිනිහප්පිටියේ පදිංචි වත්තේගෙදර උදයලත් ගාමිණි සේනාධීර නමැත්තා එසේ අතුරුදන්වී ඇති අතර ඔහු පසුගිය ජුලි 11 වැනිදා ඔහුගේ රුපියල් ලක්ෂ 26 ක් පමණ වටිනා වෑන් රියෙන් පිටත්ව ගොස් ඇතැයි ඔහුගේ බිරිඳ කියන්නීය.

ඔහු අතුරුදන්වූ දින සවස සිය වාහනය කෝපිවත්ත ප්‍රදේශයේ අයකුට විකුණා ඇතැයි ආරංචි වූ බවද එම වාහනය මිලදී ගත් බව කියන අය මුණගැසීමට ගිය බවද ඒ පිළිබඳ සැකයක් තමාට ඇති බවද ඇය පවසා සිටියාය.

හෙම්මාතගම පොලිසිය පවසන්නේ ‍මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් අදාළ පුද්ගලයා අතුරුදන්වූ බව කියන දිනයේම ඔහුගේ නිවස ආසන්නයේ ජිවත් වු විවාහක කාන්තාවක් ද අතුරුදහන් වී තිබීම සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි.

අසල්වැසි කාන්තාව අතුරුදන්වීම සම්බන්ධයෙන් ද ඇගේ සැමියා හෙම්මාතගම පොලිසියට පැමිණිලි කර ඇතැයි කියති.



අදහස් (1)

දෙදරු පියා වෑන් රියත් සමග අතුරුදන්

kithsiri Monday, 17 July 2017 03:17 AM

දෙයියෝ සාක්කි තීරයට දාන්න වෙන පුවතක් වගේ පෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 65 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 277 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site