(උඩුගම රවී ලියනගේ)
ගාල්ල දොඩන්දුව ආසන්න මුහුදේ අද (19) සවස විශාල ටොනාඩෝවක් ඇතිවිය.
සවස 5.45 ට පමණ ඇතිවූ මෙම ටොනාඩෝව විනාඩි 15ක් පමණ පැවැති බව ප්‍රදේශවාසීහු පවසති. මෙම ටොනාඩෝව සමග විශාල ජල කඳක් ඉහළට යන ආකාරය ඔවුන් සිය ජංගම දුරකතනවලින් වීඩියෝ ගතකරගෙන තිබුණි.
මෙම අවස්ථාවේදී මද සුළං තත්වයක්ද ප්‍රදේශය පුරා පැවතිණි.
මෙවන් විශාල ටොනාඩෝවක් මින් පෙර දැක නැති බව ප්‍රදේශවාසීහු පැවසුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක විතරයි අපේ රටට අඩුවකට තිබුනේ!
ටෝනාඩොවකට හරී කමක් නැහැ මේ දේශපාලන කාපාලුවෝ ගහගෙන ගියා නම්.
ඇයි නාරද ගිනි කඳු. හිම වැසි
අයියෝ, පලවෙනි වතාවද ට්‍රොනදොවක් ලංකාවේ දැක්කේ? මන් ලග සම්පුර්ණ වීඩියෝවක් තියනවා ඉරණවිල මුහුදේ පටිගත කල, චායාරූප සමග, ලංකාවේ වෙරල ආසන්නයේ වෙසෙන අයට මේවා සුලබ දේවල්...
ඒ අඩුපාඩුවත් ඇවිල්ල තියෙන්නේ
මෙය ටෝනාඩෝවක් නොව වොටෙර්ස්පවූට් (waterspout) ලෙස හැදින් වේ.
ස්වභාවික දේවල්...