IMG-LOGO

දකුණේ කළමනාකරණ සේවයේ අධි ශ්‍රේණියේ පුරප්පාඩු පිරවීම අත්හිටුවන්න නියෝග

ඩී.ජී.සුගතපාල
 
දකුණු පළාත් රාජ්‍ය කළමනාකරණ සේවයේ අධි ශ්‍රේණියේ පුරප්පාඩු පිරවිම ඔක්තෝබර් 31දක්වා අත් හිටුවමින් දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා වෙත අද අතුරු ආඥාවක් නිකුත් කළේය.
 
මහාධිකරණ විනිසුරුවරයා මෙම අතුරු තහනම නිකුත් කරනු ලැබුවේ දකුණු පළාත් රාජ්‍ය කළමනාකරණ  සේවයේ නිලධාරින් තිදෙනෙකු  ඉදිරිපත්කර තිබු පෙත්සමක් සළකා බැලිමෙන් පසුවය.
 
පෙත්සම්කරුවන් කියා සිටියේ අධි ශ්‍රේණියේ පුරප්පාඩු පිරවිමට 2018 වසරේ විභාගයක් පැවැත්විමට ඉල්ලුම්පත්‍ර කැඳවා තිබියදි 2016 වසරේ පවත්වන ලද විභාගයේ ප්‍රතිපල මත අධි ශ්‍රේණියේ පුරප්පාඩු පිරවිමට දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා සහ දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසම තීරණය කර ඇති බවයි.
 
මේ නිසා 2018 වසරේ පැවැත්විමට නියමිත විභාගයට තමන්ද  ඉල්ලුම්කර තිබියදි මෙසේ පුරප්පාඩු පිරවිමෙන් තමන්ට අසාධාරණයක් වන නිසා එම පුරප්පාඩු පිරවිම අත් හිටුවමින් මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලා සිටියහ.
 
ඒ අනුව අතුරු තහනම් නියෝගය නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා එදිනට විරෝධතා ගොනු කරන ලෙස වග උත්තරකරුවන්ට නියෝග කළේය.



අදහස් (0)

දකුණේ කළමනාකරණ සේවයේ අධි ශ්‍රේණියේ පුරප්පාඩු පිරවීම අත්හිටුවන්න නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site