(රංජන් කස්තුරි)
මෙතෙක් ඒකාබද්ධ විපක්ෂයට සහාය දැක්වූ දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අජිත් රාජපක්ෂ මහතා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ දුමින්ද දිසානායක මහත්වරුන් හමුවි පූර්ණ සහාය ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.
ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්ව ඉදිරියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට පොරොන්දු වී තිබේ.
දකුණු පළාත් සභාවේ එජනිස මන්ත්‍රී කණ්ඩායමක් ඉදිරියේදී ජනාධිපතිවරයා හමුවීමට සූදානමින් පසුවන බව ද අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනේවා. මෛත්‍රී දිනේවා.!!!
මම නම් ඔය කිසිදෙයක් ගැන දන්නේ නැහැ.
එතකොට ගත්තු ගාන කීයක්ද දන්නේ නැද්ද?
සුමිත්,... ලඟ නොබලනු... මොකද හෙට මීට වැඩිය හොඳ වේවි!!! අපේ සුබ පැතුම්...
බලය රැකගන්න ගිහින් කබලෙන් ලිපට වැටෙන්නයි යන්නේ..!!! අනේ පව්...
එජාප ය පරද්දන්න නම් එකතුවීම, එකම උත්තරය බව කව්රු කව්රුත් දැනගත යුතුය.
ඔය පාර්ලිමේන්තුවේ, පළාත්සභාවල ඔළු මාරු කරලා වැඩක් නෑ. මිනිස්සුන්ට සේවයක් කලේ නැත්නම් ඉතින් ගෙදර තමා ඊළඟ සැරේ...
බොරුවක් ආරංචියක් නේද.?