(ප්‍රසාද් රුක්මාල්)
ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා මහින්ද රාජපත්ෂ මහතාට සහය පළකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්විය.
කුට්ටිආරච්චි මහතා පොදුජන පෙරමුණට එක්වූයේ බදුල්ල විල්ස්පාක් ක්‍රීඩාංගනයේ අද (04) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියක දීය.
තිස්සකුට්ටිආරච්චි මහතා දැනට ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන අතර පසුගිය ජනාධිපතිවරණයේදී ඒ මහතා මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වී කටයුතු කළේය. නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට එක්විය.
COMMENTS
මේ වගේ අවස්ථාවාදීන්ට ඡන්දෙ දෙන්න එපා. ඡන්ද දායකයන් වන අපිට විතරයි මේ යන විදිහ වෙනස් කරන්න පුළුවන්.
ඡන්දය දීමේදී අපි පළමුව තෝරන්නේ පක්ෂයයි ඊට පසුවයි පුද්ගලයා තෝරන්නේ. පක්ෂයට දීපු ඡන්දයේ වටිනාකම රැක ගන්න පක්ෂයෙන් ඉදිරිපත් කල මොන දූෂිතයාට හෝ ඡන්දය දීමට ඡන්ද දායකයාට සිදුවේ. එමනිසා පක්ෂය මුල් කරගෙන තෝරන ඡන්ද අපේක්ෂකයා පාර්ලිමේන්තුවට පැමිණ පක්ෂ මාරු කරන්නේ නම් එය ඡන්ද දායකයාගේ මානව හිමිකම් කඩකිරීමකි. එමනිසා මේ කියන මම හරිනම් මේ සම්බන්දව ක්‍රියා කළ හැකි පුද්ගලයෙක් පක්ෂ මාරු කිරීම මානව හිමිකම් කොමිසමට පැමිණිලිකර ඊට විරුද්දව අධිකරණ තීන්දුව ගන්න බලන්න.
අයියෝ මෙයා ගෙම්බෙක් නේ. විස්වාස කරන්න පුළුවන් කෙනෙක් නොවෙයි . ආයෙමත් ආපසු පනින්න බෙහෙවින්ම ඉඩ තිබෙනවා. බුද්ධිමත් ඡන්ද දායකයින් මේ වගේ පුද්ගලයින් පිළිබඳව නිවැරදි තීරණයක් ගනීවි.
එක පිම්මකට කෝටි කීයක්ද ? පිමි හතර පහක් පන්න නම් ජීවිතේටම ඇති . ජනතාවගෙන් හොර කන සල්ලි යන්නේ ඔහොම තමා. මෙලෝ දෙයක් තේරෙන්නේ නැති ලංකාවේ මෝඩ ඡන්ද දායකයෝ ඉන්නකම් මේ අයට රජ මගුල් තමා.
ලහ්ජ්ජාව කියන එක නැති උනාම පොහොට්ටුවට නොවෙයි ඕනෑම එහෙකට එකතු වෙන්න පලුවන්.
අවස්ථාවාදීන්ට මැරයන්ට ඡන්දෙ දෙන්ඩ එපා.
මේ දවස්වල පොහොට්ටුවට පඹයෙක් පැමිණියත් නිව්ස් එකක් කරගන්න ඔවුන්ව සතුටින් බාරගන්නවා. හොඳ අතු ජාතික නිදහස් පෙරමුණෙන් ගැලවෙනකොට මේ සෙවනැලි ඔවුන්ට මහා මෙරක් තරම් වටින්නේ ඔවුන්ගේ තියෙන බංකොලොත් භාවය නිසයි.
දැන් පොහොට්ටුව පිපෙන්න ලගයි. කොහොමත් පොහොට්ටු පක්ෂය ජනතාව අතර ප්‍රසිද්දයි. ඒකයි මැඩියෝ , දියනයි ,මීමැස්සෝ ,බඹරු ළගට ඇදෙන්නේ.....
සේරම එකයි.
ඡන්ද දායකයිනි පනින රිලවුන්ට ඉනිමන් තියන්න එපා. ආපු දුර හැරී බලලා ඉදිරි දුර ගැන හිතන්න. ඉරි පාරවල් දෙකෙන් ඔබේ මුළු ජිවන රටාවම වෙනස් වෙන බව මතක තියාගන්න.
පාලත් පාලන චන්දෙන් පස්සේ ආයෙත් UNP එකට.....
කම්බ හොරුන් පාරිශුද්ධ පොහොට්ටු වලින් ඇඟේ තැවරුණ මඩ පිසදා ගන්න අවධියක හොරකම් කරන්න බලා ගෙන ඉන්න දස දහසක් පොහොට්ටුව බදා ගැනීම පුදුමයක් නොවෙයි. මුදලක් සොරකම් කළා කියා මුදල කිලිටි වන්නේත් වටිනාකම අඩුවන්නෙත් නැත. පාරාජික දේශපාලකයින් තමන්ගේ දේශපාලන නිරුවත වසා ගැනීමට ආදේශ කරගන්න උත්සාහ කරන්නෙත් අප ඉහතින් සඳහන් කළ න්‍යායමයි.
මෙයා හැම චන්දයක් එනකොටම පිල් මාරු කරලා කියක් හරි හොයා ගන්නවා ,,,,,
මෙය පක්ෂ මාරුකර පත්තරේ නම දාගන්නවා මිසක් කවදාකවත් පත්තරේ නම වැටෙන්න ජනතා සේවයක් කරපු කෙනෙක් නම් නොවේලු.
කුට්ටි, කුට්ටි හොරා කන්න ගත් උත්සහයක් ලෙසයි පේන්නේ...