(ජුඩ් සමන්ත)
අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ තේක්ක කදන් 16 ක් හොර රහසේ රැගෙන ගිය බව කියන පොලිස් සැරයන්වරයකු මාරවිල සහකාර පොලිස් අධිකාරීවරයා විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගෙන ඇත්තේ දංකොටුව පොලීසියේ සේවය කරමින් සිටි පොලිස් සැරයන් වරයෙකි.
දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ තේක්ක කදන් තොගයක් මාරවිල දිසා අධිකරණයට රැගෙන යාම සදහා පසුගිය 17 වැනිදා රැගෙන යන බව පවසා එම දැව තොගය අධිකරණයට බාර නොදී වෙනත් ස්ථානයට රැගෙන ගොස් තිබේ. ඒ සම්බන්ධයෙන් හලාවත කොට්ඨාස බාර පොලිස් අධිකරීවරයාට ලැබුණු තොරතුරක් අනුව මාරවිල සහකාර පොලිස් අධිකාරී ජේ.ඒ.එස්.පියරත්න මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් අදාළ දැව තොගයද සමග පොලිස් සැරයන්වරයාත් එම දැව තොගය ප්‍රවාහනයට යොදා ගත් ලොරිය සහ එය පැදවූ රියදුරුද අත්අඩංගුවට ගන්නා ලදි.
2025 දෙසැම්බර් මස 16
93
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
896
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තේක්ක දැව තොගය පොලිසියෙන්ම හොරෙන් ගෙනයයි
mahee Saturday, 18 March 2017 05:25 AM
මේ කඳන් ටික උසාවියට දැම්මේ නැතුවහම නිකම්ම අහුවෙනවනේ මේවා උස්සපු කෙනාව... ඉඳි කටු නෙමෙයිනේ.
sam Saturday, 18 March 2017 08:17 AM
වනයේ නීතිය නම් පොඩි එකා ලොකු එකාගේ ගොදුර බවට පත්වීමයි .