(අංජුල මහීක වීරරත්න )
ඩොලරය ඉහළ යාමත් සමඟ ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය වැඩි වී තිබෙන නමුත් ණය ප්‍රශ්නය විසඳන්නේ නැතිව රටට අනාගතයක් ලබා දීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බොරලැස්ගමුවේදි අද (21) පැවසීය.
ණය ප්‍රශ්නය විසඳා අපනයන ආර්ථිකය ඉහළ නැංවීම රට ඉදිරියට ගෙන යාමට ඇති එකම මාර්ගය බව කී අග්‍රාමාත්‍යවරයා අනාගතයේදී සංවර්ධන වේගය වැඩිවනවා මිස අඩුවන්නේ නැති බව කීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව කීවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම එරට ඉදිවු කෙළිමඩල ළමා උද්‍යානය විවෘත කරිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ උපදේශකත්වයෙන් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ක්‍රියාත්මක වෙරුගස්ගඟ වැසි නල අපවාහන හා පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මඟින් බොරලැස්ගමුව සංවර්ධන කාර්යාලයේ මෙම ළමා උද්‍යානය ඉදි කර තිබේ.





COMMENTS
කතාව සහතික ඇත්ත.
මිත්‍ර මහේන්ද්ර්න්ව ගෙනත් දැම්මනම් ඕකට ක්‍රමයක් කියල දෙයි
රට තව කබසීනය නොකර ගෙදර යන්න.
ණය ප්‍රශ්නය විසදන්න තව තවත් ණය ගැනීමෙනුත් රටට අනාගතයක් හදන්න බැහැ. තේරුනාද?
ඩොලරය ඉහලගියේ කාගේ වරදින්ද?
ළමා උයනත් හොදයි. එතන තියෙන ලස්සන වතුර පිරුණු පොකුණත් හොදයි. හැබැයි ළමා උයනක ළමයින්ගේ ආරක්ෂාවට පොකුණ වටේ තිබෙන වැට හරිම කොටයි. අනිත් කරුණ ඒ වැට ගල් ඇතුරුමට ගොඩක් ලග නිසා දාග පොඩි එකෙක් පල්ලමට දුවගෙන ඇවිත් නගින්න ගිහින් ඇතුලට වැටුනොත් වදින්නේ ඔලුව. ඔය වැට තව ටිකක් උඩහට වෙන්න ටිකක් උසත් වැඩි කරානම් ළමයින්ගේ ආරක්ෂාවට සුදුසුයි. අපේ රටේ අනතුරු වලින් මිය යන ප්‍රමාණය අධික නිසයි අපි මේවා දිහා බැලිය යුත්තේ .
ඔබතුමා ණය ගෙවන්නේ අර රත්රන් බිත්තර දාපු කිකිළි මරල බඩේ තියෙන බිත්තර ඔක්කොම එකවර ගන්නගිය මෝඩ ගමය වගේ කියලයි නට නම් හිතෙන්නේ. රටේ ජනතාව මැරිලා යන්නම බදු ගහල ණය ගෙවන එකේ කිසිම තේරුමක් නැහැ.
යන එන හැමතැනම නයි නයි කියල බයිලා කියව කියව ඉන්න එක තමා මෙතුමාගේ රාජ කාරිය. ඕවා නොදැන ද බලයට පත් උනේ ඒ කලේ රටේ විපක්ෂ නායක නේද ?? නොහැකියාව පෙන්වන්නේ නැතිව බැරිනම් ගෙදර යනවා.
ණය ප්‍රශ්නේ විසදන්න ද දන්නේ නැහැ කෝටි ගණන් ඇමතිවරුන්ට , අමාතංශ වලට නාස්ති කරන්නේ .ඊයේ පෙරේදත් ලෝක බැංකුවෙන් ණයක් ගත්ත නේද
ණය ප්‍රශ්නය විසදා, අපනයන වැඩිකර සංවර්දන වේගය වැඩි කරනකොට අපි ජීවත්වෙලා ඉදියිද දන්නේ නෑ. ඇත්තමයි නළුවෙක් නොවෙයි මොලයක්.. මහා මොලයක්.
එහෙම නම් ණය නොගෙන ඉන්න කෝ. ගිය ආණ්ඩුව අවුරුදු 10 යටම ගත්ත ණයට වැඩියේ මේ අවුරුදු 3 ට ණය අරන් තියෙන්නෙත් ගිය ආණ්ඩුවද? ඒ මදි වට මහා බැංකුවත් හුරගෙන කෑවා නේද.
ණය ප්‍රශ්නය විසඳන්න පුළුවන් වෙන්න... තවදුරටත් ණය නොගැනීමෙන් සහ ගත් ණය ගෙවා අවසන් කිරීමෙන්. ඕක හැමතැනම කිය කිය ගහින්, තව ණය අරගෙන ණය ප්‍රශ්නය විසඳන්නේ නැහැ.
දැන් බලයට ඇවින් අවුරුදු තුනහමාරටත් වැඩියි. මේ වනවිට ණය බරෙන් කොච්චර අඩුකරලද තියන්නේ? ණය බර අඩුකරන එක කොහොම වුනත්, අපිට පේන්න තියෙන්නේ සුපුරුදු පරිදි දූෂණයි, නාස්තියයි, හොරුන් ආරක්ෂා කිරීමයි.
රටේ අනාගතය කාබාසිනියා කරලා දැන් විකාරෙන් කියවනවා. තව බැංකුවක් සුද්ද කළාම හරි යයි.