IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ටිපරයට යටවී සය හැවිරිදි දරුවා මරුට

(නිශාන්ත කුමාර)
මහියංගනය පගරගම්මන මාර්ගයේ මැදඔය දී වැලි ප්‍රවාහනය කළ ටිපරයකට යට වී අවුරුදු හයක දරුවකු අද (19)  සවස මිය ගොස් ඇත.
මිය ගොස් ඇත්තේ මහියංගණය දඹගොල්ල මැදඔය දුම්වත්ත පදිංචිආර් එම් ධනුක ධනංජය නැමැති මැදඔය විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකි.
අනතුර සිදුකිරීමෙන් පසුව ලොරි රථය නොනවත්වාම ධාවනය කර ඇති අතර රියදුරා ටිපර් රථය සමග මහියංගන පොලීසියට බාර වී ඇත.

 



අදහස් (1)

ටිපරයට යටවී සය හැවිරිදි දරුවා මරුට

Aluthgama A. Samathasena. Tuesday, 20 March 2018 02:33 AM

වැලි,ගල් හා මැටි පැටවූ ටිපර් රථ පාරේ ධාවනය වන්නේ කිසිම මාර්ග නීතියක් ගණනකටවත් ගෙන නොවේ.ඉන්දියාවට දොස් කියනවා නොවෙයි.සමහර ඉන්දියානු ට්‍රක් රථ බර පටවාගෙන වේගෙන් ගොස් නවත්වන විටදී ,හරිහැටි තිරිංග ක්‍රියා කරන්නේ නැත.වාහනය පරණ වනවිට තත්වය වඩාත් නරක අතට හැරේ.ජපන් වාහන එසේ නොවේ.ට්‍රක් රථ රියදුරන් මෙසේ හිතුමනාපයට බියක් සැකක නැතිව කටයුතු කරනුයේ ඇතැම් පොලිස් නිලධාරීන් ඔවුන්ගේ සාක්කුවේ සිටින නිසාවෙනි.මෝටර්රථ වලින් ත්‍රයිමාසිකව මුදල් ලබාගන්නා සමහර පොලිස් නිලධාරීන් සිටින රටකි මෙය.එබැවින් රටවාහන සම්බන්ධ නිලධාරීන් ගැන රහස් පොලීසියේ විශේෂ අවධානය යොමුවිය යුතුය.නැතහොත් වැඩිකල් නොගොස් පොලීසිය අර සතාගේ තත්වයට වැටෙනු ඇත.පොලිස් සේවයේ ගරුත්වයට හානි කරන්නන්ද,නිලධාරීන්ට අල්ලස් දෙන්නන්හටද නිසි දඩුවම් දීම කාලෝචිතය.

:       0       52

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site