IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ජනපතිගේ කමිටුවට සයිටම් නියෝජනයක් ඉල්ලයි

සයිටම් ගැටළුව සම්බන්ධයෙන් පත් කළ නව කමිටුවට සයිටම් ආයතනයේ නියෝජනයක් ලබා දෙන ලෙස ද, ඒ සඳහා පත් කළ නිරීක්ෂණ කමිටුවට සයිටම් දෙමාපිය සංසදයේ නියෝජනයක් ලබා දෙන ලෙස ද සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

නෙවිල් ප්‍රනාන්දු මහතා එම ඉල්ලීම කරනුයේ ජනාධිපතිවරයාට ලිපියක් යවමනි.

එම ලිපියේ මෙසේද දැක්වේ.

‘‘ 2017/11/06  දින ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් අපගේ දැඩි අවධානය යොමුවී තිබේ. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා පත්කළ නම පුද්ගල කමිටුව තුළ සයිටම් නියෝජනයක් නොමැතසයිටම් ආයතනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා අතර උපාධිධාරින්සිසුන්කාර්යමණ්ඩලය සහ සයිටම් දෙමාපියන් සම්බන්ධව අවධානය යොමු කර  තිබේසයිටම් ආයතනයට අදාල පාර්ශවයන්ට සාධාරණයක් ඉටු කිරීම සදහා ඔබතුමන්ගේ කාරුණික මැදිහත්වීම අපි අපේක්ෂා කරමු. ඒ අනුව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා පත් කළ කමිටුව තුළ සයිටම් නියෝජනයක් ඇති කිරීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමු.

මේ සම්බන්ධයෙන් වන පාර්ශවකරුවන් පසුගිය වැනිදා ඔබතුමන් හමුවී සාකච්ඡාවක් පැවැත්වූ බව අපි දනිමුමේ ගැටලුවේ ප්‍රධාන පාර්ශකරු ලෙස විශේෂයෙන් උපාධිධාරීන් සහ ළමුන් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අපි සූදානමින් සිටිමුඒ නිසා සයිටම් ආයනයේ පරිපාලනය හා ආචාර්ය මණ්ඩලයේ නියෝජනයක් නව කමිටුවට ඇතුළත් කරන ලෙස අපි ඉල්ලා සිටිමුනව කමිටුවේ නිරීක්ෂකයින් ලෙස රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ඇතුළත් කර තිබේඒ අනුව යමින් සයිටම් නිල දෙමාපිය සංගමය වන පුද්ගලික වෛද්‍ය විද්‍යාල දෙමාපිය සංගමය නිරීක්ෂකයින් ලෙස ඇතුළත් කරනු ඇතැයි අපේක්ෂා කරමු.

පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය විධිමත් කරන්නේ නම් රජය ඒ සම්බන්ධයෙන් රෙගුලාසි පනවා එම ආයතන සමීපව නිරීක්ෂණය කළ යුතුයරජයේ සහාය ඒ සදහා හිමිවිය යුතුය.

සයිටම් ආයතනයේ උපාධිධාරීන්ගේසිසුන්ගේකාර්ය මණ්ඩලයේ සහ දෙමාපියන් වෙනුවෙන් මෙම සාකච්ඡාවල පාර්ශවකරුවෙක් ලෙස සයිටම් ආයතනය සම්බන්ධ කරගන්නා ලෙස ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිමු.

මේ සදහා ඔබතුමාගෙන් සාධනීය පිළිතුරක් අපේක්ෂා කරමු. ‘‘



අදහස් (6)

ජනපතිගේ කමිටුවට සයිටම් නියෝජනයක් ඉල්ලයි

ජනිත් Monday, 06 November 2017 04:02 PM

නිරීක්ෂණ මට්ටම කෙසේ වෙතත් කමිටුවට අදාල අය කව්ද කියල කියන්න පුළුවන් ද?

:       0       1

ධනංජය Tuesday, 07 November 2017 03:18 AM

නෙවිල්ව දාමු. වෛද්‍ය සිසුන් හා දෙමව්පියන් වරායේ වැලි වලට යටකර මරා දමමු. ලෙඩ්ඩුන්ව වැරදි බෙහෙත් දී මරමු. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගමකට දහය ගානේ දමා රටේ සියල්ලෝම දොස්තර කරමු. සල්ලි නැති බුද්ධිය තියෙන උන් රෝහල් වල බිම අතුගාන්න දාමු.

:       61       16

Gihan Tuesday, 07 November 2017 03:20 AM

ඔය කොයි කමි‍ටුව දැම්මත් එන ප්‍රතිඵලේ අපි දන්නවනේ. මේ පාර කියයිද දන්නේ නෑ සයිටම් බිල්ඩිමේ පාට වෙනස් කරමු කියල.

:       0       16

Kamalanatha Tuesday, 07 November 2017 03:27 AM

නෙවිල් ලොක්කා ජනාධිපති කරමු. සියලු රාජ්‍ය විශ්ව විද්‍යාල වසා දමා සල්ලි තියෙන උන් රජ කරමු. සල්ලි ඇති හරක් දොස්තර කර, බුද්ධියෙන් ජය ගන්න හදන උන්ව කොන්දොස්තර කරමු.

:       35       21

MP Tuesday, 07 November 2017 05:38 AM

මේ ලෝකෙට දරුවෙක් බිහිවන්න යන්නෙත් මාස දහයයි. මේ ආණ්ඩුවට තාමත් මේ කාලය තුල සයීටම් අර්බ්දූයට "සාධාරණ සහ අපක්ෂපාති විසදුමක් දෙන්න අපොහසත් වෙලා. මේ මුළු කාලය තුළම මේ රටේ තීයෙන්නේ අර්බූද පමණයි. රටේ මිනිසුන්ට කිසිම අතකින් සහනයක් නෑහෑ. හරිම අවාසණාවන්ත කාලයක්.

:       6       7

Jude Tuesday, 07 November 2017 05:58 AM

මොකද දැනට ඉන්න ඔයාගේ යාලුවෝ ටික මදිද?

:       13       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 43 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 151 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1005 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site