IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 252ක ණයක්

හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්යසාධනය සම්බන්ධයෙන් සිව්වැනි නිරීක්ෂණය අවසන් කරමින් මෙරටට එක්සත් ජනපද ඩොලර් මිලියන 252ක ණය වාරික මුදලක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබේ. 
අයවැය ඒකග්‍රතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රගතියක් පෙන්නුම් කර ඇති නමුත් ආර්ථික වර්ධනය උදෙසා ප්‍රතිසංස්කරණ කරමින් අදාළ පියවර ගත යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්ය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සිව්වැනි නිරීක්ෂණ සාකච්ඡාව සිකුරාදා (1) පවත්වන ලදි. 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2016 වසරේ ජූනි 3 වැනිදා ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබාදීම තීරණය කළේය. මේ වනවිට එයින් එක්සත් ජනපද ඩොලර් බිලියන 1ට වැඩි මුදලක් (එ.ජ ඩොලර් මිලියන 1,014ක් ශ්‍රී ලංකාවට මුදා හැර තිබේ. 
සිව්වැනි නිරීක්ෂණය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වෙයි.
“රටේ රාජ්‍ය ණය ප්‍රමාණය අතිවිශාල බැවින් සහ විදෙස් අවරෝධකය පහත මට්ටමක තිබෙන බැවින් කම්පනවලට මුහුණ දීමට නම් අඛණ්ඩව ප්‍රතිසංස්කරණ කළ යුතුයි. එමෙන්ම ශක්තිමත් සහ සියලු පාර්ශවවල සහභාගීත්වය සහිත වර්ධනයක් උදෙසා පදනම දැමීමට නම් අඛණ්ඩව ප්‍රතිසංස්කරණ කළ යුතු” යැයි එම නිවේදනය නිකුත් කරමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩබලන කළමනාකරණ අධ්‍යක්ෂ මිට්සුහිරෝ ෆුරුසාවා කීය. 
 
Attachments area
 
 
 



අදහස් (17)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 252ක ණයක්

upali Saturday, 02 June 2018 10:35 AM

ඉන්ධන මිල වැඩි කලේ ඕකට නේද ?

:       0       73

Ravidu Saturday, 02 June 2018 11:03 AM

ඕකෙන් භාගයක්ම දේශපාලුවන්ගේ සාක්කුවේ තමා.

:       0       139

Jagath Liyanage Saturday, 02 June 2018 12:22 PM

ඉස්සර කට්ටිය ණය ගන්නකොට බැනලා දැන් කට්ටියත් ඒ දේම නේද කරන්නේ ?

:       0       69

kalpa Saturday, 02 June 2018 12:50 PM

අරගොල්ල ගත්ත ණය අච්චර තියෙනවා. ඒවා ගෙවන්න මෙච්චර ඕන කියකියා මොනවද මේගොල්ලෝ කරන්නෙ

:       0       28

menna Saturday, 02 June 2018 01:04 PM

මට තේරෙන්නේ නැත්තේ, ගෙවාගන්න බැරි තරම් ණයලු, රුපියල් අව ප්‍රමාණය වෙනවලු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවත් ණය හම්බ වෙනවලු. ඇත්තටම ලංකාවේ තත්වය මොකක්ද?

:       0       29

jayantha Saturday, 02 June 2018 02:57 PM

සල්ලි ගිලිනවද. ණය ණය කියල කෑකැ ගැහුවට මෙයලානේ ණය ගිලින්නේ.

:       0       18

Rasika Saturday, 02 June 2018 03:20 PM

ණය ගන්නවා විතරයි කරපු වැඩක් නෑ. ඕක ගෙවන්න වෙන්නේ අපිටම තමයි.

:       1       70

Bamunuarachchi Saturday, 02 June 2018 03:48 PM

ගෙවා ගන්න බැරිතරම් ණය වෙලා කියලා 62 කට කියලා, තිබුන ආණ්ඩුව පෙරලා දැම්මේ. එතකොට මේ ණය ගෙවන්නේ කව්ද?

:       1       61

සචිත් පී ලියනගේ Saturday, 02 June 2018 04:00 PM

ඉස්සර රට මහා ණය කන්දරාවකට යටවෙලා කියලා කෑමොර දීපු ජවිපෙ දැන් මොකද කියන්නේ?

:       0       44

Hafeel Saturday, 02 June 2018 04:15 PM

රටේ ණය බර නම් අඩුවෙන පාටක් නැහැ. පාලකයෝ බය නැතුව ගන්නවා. මොකද ගෙවන්නේ මහා ජනතාවනේ.

:       0       46

faizer Saturday, 02 June 2018 07:28 PM

ඔහොම යං. තව අපිට පුලවන්. මේ ණය මහ කජ්ජක්ද? උන්නාන්සේලා තව සැප විදින්න. අපිට පුළුවන් ඔය ණය ටිකත් ගෙවලා දාන්න. අනේ අපි ඉපදුනානේ මෙහෙම කාලෙක. අපි නම් තව ටික කාලෙකින් මැරිලා යනවා. අනේ එත් පව් අපේ දරුවෝ... කියන්න වචන නැහැ.

:       0       44

RaveendraSunday, 03 June 2018 03:37 AM

faizer මයා වෙත, ඇත්තෙන්ම ඔබ නිවැරදිය. මේ අය රට විනාශ කරනවා පමණක් නොව අපගේ අනාගත පරපුරත් විනාශ කිරීමද පටන්ගෙන ඇති බව කනගාටුවකි.

:       0       25

sanath Saturday, 02 June 2018 11:42 PM

ඇත්තෝ කති බොති ,නැත්තෝ ණය ගෙවති දුකකි.

:       2       0

ධනුෂ්ක Sunday, 03 June 2018 12:49 AM

සචිත්, ජ.වි.පෙ එ් කතාව දැනුත් කියනවා. අැහෙන්නැද්ද එ්වා. ජ.වි.පෙ කියන්නේ ණය අරන් නිසි කළමණාකරනයකින් තොරව වියදම් කරා. ණය ගෙවීමත් ජනතා බදු මුදලින් ගෙවන එක ගැනයි. විය යුත්තේ ණය අරන් කරන වැඩ වලින් ලබන අාදායමෙන් ණය ගෙවීමයි.

:       0       16

kamal Sunday, 03 June 2018 12:57 AM

ගන්න ගන්න අනේ ලජ්ජා වෙන්න එපා. හිත හොඳින් දෙන දෙයක්නේ .

:       0       12

Raveendra Sunday, 03 June 2018 03:23 AM

ණය බරින් රට විනාශ වෙලා කියලා නේද මේ අය බලයට ආවේ ? එතකොට මේ ණය නොවේද ?

:       0       44

dasun Sunday, 03 June 2018 04:52 AM

දැන් ටික දවසකට කලින් අගමැතිතුමා කිව්වා ඉස්සර වගේ විශාලෙට ණය ගන්න දැන් ඕන නැහැ කියලා. ඉතින් මේ මොකක්ද මේ කරන්නේ. ඔහොම ගිහින් එතුමත් අර අපේ ජනාධිපතිතුමා දින 100 ගැන කියනවා වගේ කියාවි අනේ මම නම් ඔය ණය ගැන දන්නේ නැහැ කියලා.

:       0       39

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 171 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 240 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1113 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site