(ඩයනා උදයංගනී)
ජාතික ළමාආරක්‍ෂක අධිකාරියේ සභාපතිනිය ලෙස සිටි ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වූ හෙයින් එහි නව සභාපතිනිය ලෙස නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය පත්කරනු ලැබ සිටී. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම කරනු ලැබ තිබේ.
පෞද්ගලික හේතුවක් මත තමන් ළමාආරක්‍ෂක අධිකාරියේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර මහත්මිය ලංකාදීපය කළ විමසුමකදී පැවසුවාය. නව සභාපතිනිය ලෙස පත්කරනු ලැබ සිටින නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය මානව හිමිකම් පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරිනියක් වන අතර ව්‍යවස්ථා නීතිය හා මානව හිමිකම් නීතිය පිළිබඳ උපාධිධාරිනියක ද වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමියගේ නීතිය හා මානව හිමිකම් දැනුම ගැන අපි සතුටු වෙනවා. හැබැයි කළමනාකරණ හා පරිපාලන දැනුම, සංවිධාන ශක්තිය, තම සේවක පිරිස මෙහෙයවීමේ නායකත්ව හැකියාව වගේ දේවල් ඊටත් වඩා වැදගත් වෙයි කියල හිතෙනවා.
ආරක්ෂාව කෙසේ වෙතත් ළමයි බයේ කැලේ පනියි.