(විනීතා එම් ගමගේ)
ගෘහ සේවක, සේවිකාවන් අර්ථ සාධක අරමුදලට දායක කිරීම අනිවාර්ය කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.
එසේ අර්ථසාධක හිමිකම ගෘහසේවක සේවිකාවන්ටත් ලබාදීම සඳහා නීති සැකසීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇතැයි ද නව නීති සැකසුණ පසු අර්ථසාධක අරමුදල සේවානියුක්තිකයන්ගේ අරමුදල යන අරමුදල්වල හිමිකම මෙන්ම අනතුරකදී වන්දි හිමිකම ද ලබා ගැනීමට අයිතිය ලැබෙන බව ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
මෙරට අවම වැටුප රුපියල් 10,000 ක් වන බවත් එම නීතිය ගෘහ සේවක සේවිකාවන්ටත් අදාල වන බවත් හෙතෙම කියා සිටියේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අභිනවයෙන් ඉදි කළ පොළොන්නරුව දිස්ත‍්‍රික් කම්කරු කාර්යාලය ජනතා අයිතිය ට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
කදුරුවෙල පිහිටි නව කම්කරු කාර්යාලය අංග සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත මෙම තෙමහල් කම්කරු කාර්යාල සංකීර්ණයක් වන අතර එහි ඉදිකිරීම් වෙනුවෙන් රජය ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 158 කි.
පොළොන්නරු දිස්ත්‍රික්කයේ විවිධ ආයතන 3,000කට ආසන්න ප්‍රමාණයකට, සේවක සේවිකාවන් 50,000 කට පමණ මෙම නව කාර්යාලය මගින් දෛනික සේවාවන් ලබා ගත හැකිය.
2025 දෙසැම්බර් මස 18
646
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෘහ සේවිකාවන්ටත් අර්ථසාධක ගෙවීම අනිවාර්ය කිරීමට පියවර