බෝම්බයක් පුපුරුවා හරින බවට කෑ ගසමින් මැලේසියානු ගුවන් යානයක ගමන් කළ මගීන් බිය වැද්දවීමේ චෝදනාවන්ට වරදකරුවු ශ්‍රී ලාංකිකයකුට වසර 12ක සිර දඬුවමක් ලබා දීමට ඔස්ට්‍රේලියා විනිසුරුවරයකු නියෝග කර තිබේ.
එම අවස්ථාවේදී ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඇතුළු මගීන් 200 ක් පමණ එහි ගමන් කර ඇත.
මැලේසියාවේ සිට ක්වාලම්පුර් සිට පියාසර කරමින් තිබු මැලේඩිස් මාර්ක්ස් 128 නම් ගුවන් යානය නැවත ඔස්ට්‍රේලියාවේ මෙල්බන් දක්වා ගමන් කරන අතරතුරදී මෙම සිදුවීම වී ඇත.
යානය තුළ සිටි 26 හැවිරිදි එම පුද්ගලයා යානයේදී තමා අත බෝම්බයක් ඇතැයි කෑ ගසමින් යානය පුරා දුවමින් යානයේ සිටි පිරිස බියවද්දවා ඇත.
2014 වසරේදී මැලේසියා එයාර් ලයින් සමාගමේ බෝයිං 777 වාර්ගයේ ගුවන් යානා දෙකක් අහිමි වීමෙන් පසු මෙම සිදු වීම වාර්තා වි තිබේ.
COMMENTS
දියුණු රටවල නීතිය හැමෝටම එකයි. මිනිස්සුන් බිය වැද්දීම් , සිවිල් නීති කැඩීම, ගෘහස්ත හිංසන කරලා පුරුදුකාරයන් බෝට්ටුවේ හරි නැගලා ඇවිත් වැඩ වරද්දා ගන්නවා. ඉගෙන ගන්න කියලා ළමයින් එවන මව්පියන්ට මම කියන්නේ , ළමයින්ව මෙහෙ එවලා ඔහේ අත අරින්න එපා. තමන්ගේ ළමයි මෙහෙ ඇවිත් මොකද කරන්නේ කියලා දන්නා අඳුනන උදවිය මගින් හෝ නිතර සොයා බලන්න. මේ තියෙන්නේ ඉගෙන ගන්න කියලා ආපු එක හාදයෙක් රටේ නමත් කාලා කරගත්ත දේ තමයි.