සිරංගිකා ලොකුකරවිට
‘ගාල්ල නගරය පුළුල් කළ යුතුයි. නගර සීමාව පුළුල් වන විට ඒකට සමගාමීව ප්‍රාදේශීය සීමා මායිම් වෙනස් විය යුතුයි. මෙය ගාල්ලට විතරක් නොවෙයි මුළු ලංකාවේ ම සිදුවිය යුතු දෙයක්. මේ සඳහා ජනතාවටත් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව තිබෙනවා. ජනතාවගේ යෝජනාවන් ද සළකා බලා මේ සීමා මායිම් තීරණය කරන්න අපි කටයුතු කරනවා.’ ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ අද (13) හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රෙජ්ජිපුර ග්‍රාම නිලධාරී වසම සඳහා ඉදිකරන ලද නිල සෙවණ කාර්යාලය විවෘත කිරිමේ උත්සවයට සහභාගී වෙමිනි.
එක් නිල සෙවණ කාර්යාලයක් සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වැයකරන මුදල රුපියල් ලක්ෂ 20කි. ඒ අනුව හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අද (13) රුපියල් එක්කෝටි හැට ලක්ෂයක වියදමින් සාදන ලද නිල සෙවණ කාර්යාල අටක් විවෘත කිරීම සිදු කෙරිණි.
COMMENTS
තියෙන ටිකවත් දියුණු කරන්න. ලස්සන කරන්න. ඇමැතිතුමා.., සංචාරක නගරයක්.. නමුත් සංචාරකයින්ට නිසි පහසුකම් නැති අක්‍රමවත් නගරයක්.. එක ෂොපිං හෝල් එකක්වත් නැහැනේ... ඔබගේ කාලයේදී නගරේ පාරවල් ටිකවත් පුළුල් කරනවා නම් ගොඩක් හොඳයි.
අනාගත බලු පොරයට දැම්මම "කැරට් ගස් " හිටවන්න වගේ කල්පනාව ම්ම්... හොඳයි හොඳයි...
ශ්‍රී ලංකාවට ක්‍රිකට් ජයග්‍රහණ ලබාදුන් ක්‍රීඩා පිටිය එම ස්ථානයේ පවත්වා ගනිමින් කොටු පවුර ඇතුළු ඓතිහාසික වටිනාකම් ඇති ස්ථාන සුරැකෙන පරිදි දකුණේ අග නගරය පුළුල් කිරීම යහපත් අදහසකි. එහෙත් අවම වශයෙන් ගාල්ල මහා නගර සිමාවේ පදිංචි සුදුසු නිවසක් නොමැති අසරණ මිනිස්සුන්ට නිවාස පහසුකම් සැපයීමට ප්‍රමුඛත්වය දෙන්න. එසේ නොමැතිව නගරය සංවර්ධනය කරන මුවාවෙන් අහිංසකයින් පලවා නොහරින්න, එසේම නගර සිමාවෙන් එපිට හෝ තිබෙන අඩු පහසුකම් සහිත පාසල්වල අඩු ලුහුඬුකම් සපුරන්න. සංචාරක පුරයක් ලෙස ඉහල ආකර්ෂණයක් ලබා ගත හැකි නගරයක් බව පළමුව සිතන්න.
ඔබ දේශපාලනයට ඇවිත් මන්ත්‍රී කෙනෙක් වෙලා දැන් අවුරුදු කියක් වෙනවද? දශක 3ක් වෙනවා. රාජ්‍ය පරිපාලන ඇමති වෙලත් හිටියා. පක්ෂයේ මීළඟ නායකයා වෙන්නත් පුළුවන් කියන මට්ටමේ හිටියේ... දැන් ඉන්න නියෝජ්‍ය නායකයෝ මතුවෙන්නත් පෙර. එ්ත් ඔබෙන් ගාල්ලට මොනවද කෙරුනේ? මේ රජයේත් වැඩිකාලයක් ඇමති ධුරය දරලා දැන් නින්දෙන් ඇහැරිලා වගේ නගරය පුළුල් කරන්න කතාකරනවා. එ්කට අපේ අදහස් විමසනවා. ඕවා විපක්ෂයේ ඉන්න කාලේ කරන්න ඕනේ වැඩ. බලයට ඇවිල්ලා අවුරුදු 3ක් ඉඳලා අපේ අදහස් අහලා දැන් මොන කෙන්ගෙඩියක් කරන්නද?
ඒක හොඳ වැඩක්. එ.ජා.ප වෙනුවෙන් වැඩ කල අයටත් සලකන්න ඔන