IMG-LOGO

ගම්පහ රෝහලේ අපද්‍රව්‍ය ගොඩගැසේ

තිලකරත්න දිසානායක 
 
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි පවතින අපද්‍රව්‍ය දාහකයෙන් පිලිස්සීම් කටයුතු සිදුකිරීමට රෝහල් කාර්ය මණ්ඩලය විරුද්ධත්වය පළකිරීම මත දින ගණනාවක සිට අපද්‍රව්‍ය ගොඩගැසී තිබේ.
 
අපද්‍රව්‍ය පිළිස්සීමේදී නිකුත්වන දුම රෝහලෙහි 16 වැනි වාට්ටුව ඇතුළු බිළිදන් පවා සිටින අවට වාට්ටු වලට පැමිණෙන බැවින් විෂ සහිත ද්‍රව්‍ය නේවාසික රෝගීන්ට මෙන්ම කාර්ය මණ්ඩලයට ආග්‍රහණය වන තත්ත්වයක් පවතින බව පවසමින් මෙලෙස විරෝධතාවයක් පළව ඇත.
 
රෝගීන්ගෙන් බැහැර කෙරෙන ලේ තැවරුණු පුළුන්, ගෝස්, ප්ලාස්ටර්, එන්නත් කටු ඇතුළු වාට්ටු වලින් ඉවත් කරනු ලබන අපද්‍රව්‍ය මෙම දාහකයෙන් දහනය කෙරෙන බැවින් ඒවායෙහි අපද්‍රව්‍ය සහිත දුම අවට පැතිරෙන බවට කාර්ය මණ්ඩලයෙන් විරෝධතාවයක් එල්ලවී ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
 
වසර ගණනාවකට පෙර මෙම දාහකය ඉදිකොට ඇති ස්ථානය වාට්ටුවලට ඉතා ආසන්නව සුදුසු නොවන අන්දමින් ඉදි කිරීම මෙවන් ගැටළුවකට හේතුවී ඇති බවද රෝහල් කාර්ය මණ්ඩලය සදහන් කරයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් රෝහලෙහි නව අධ්‍යක්ෂ වෛද්‍ය මුදිත් කරුණාතිලක මහතාගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ දිනකට රෝහලෙන් කිලෝ 300 ක පමණ අපද්‍රව්‍ය ප්‍රමාණයක් මෙම දාහකයෙන් දහනය කෙරෙන අතර මෙහි නැගෙන දුම ඉහළට යැවීම පිණිස චිමිනිය උස් කිරීම හෝ සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම පිනිස අදාල නඩත්තු සමාගමට දැනුම්දී ඇති බවයි.



අදහස් (1)

ගම්පහ රෝහලේ අපද්‍රව්‍ය ගොඩගැසේ

erdi Sunday, 17 December 2017 09:50 AM

බූරුවෙකුට තරම්වත් මොලයක් මේවා ඉදිකිරීම් කරපු ඉංජිනේරුවන්ට තිබුණේ නැද්ද? එදා ඉඳල පුච්චපු කසල වලින් බිළින්දන් මව්වරුන් වෙනත් රෝගීන්ට ආග්‍රාණය වුණේ නැද්ද? සත්‍ය වශයෙන්ම නේවාසික රෝගීන්ගේ අනතුරක් පැත්තක තියෙද්දී සමහර දේශපාලකයන්ගේ පහත් වුවමනාවන් ඉෂ්ට කරන්න දඟලන අපතයෝත් නැතුවාම නොවේ.

:       16       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site