IMG-LOGO

කළු ගඟේ ජල මට්ටම ඉහළ නගී

(ලසන්ත නිරෝෂණ පෙරේරා )

රත්නපුර දිස්ත්‍රික්කයට අද (18) උදෑසන සිට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කළු ගඟේ සහ කළු ගඟේ අතු ගංඟාවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්‍යාලය පවසයි.                                                  

එම නිසා කළු ගඟ සහ කළු ගඟේ අතු ගංඟා අවට සිටින ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටීම ඉතාම වැදගත් බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්‍යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

අද  (18)  රාත්‍රි 7.10 පමණ  වන විට කළු ගඟේ ජල මට්ටම මීටර් 6.12 ක් ලෙසට කළු ගගේ රත්නපුර මුවගම  ජල මාපකයේ සටහන් ව තිබූ බව රත්නපුර වාරිමාර්ග කාර්‍යාලය පවසයි .

එය ගංවතුර අනතුරු ඇඟවීමේ මට්ටම පසු කර ඇති නිසා රත්නපුර නගරය සහ ඒ අවට ජනතාවට අවධානයෙන් සිටිය යුතු බව රත්නපුර වාරිමාර්ග කාර්‍යාලය පවසයි.

කළු ගඟේ ජල මට්ටම් පිළිබඳවද අවධානය යොමු කිරීමේ දී කළු ගඟේ සවිකර තිබෙන  රත්නපුර, මුවගම ජල මාපකයට අනුව ගං වතුර අනතුරු ඇඟවීමේ මට්ටම ලෙස සලකන්නේ  මීටර් 5 කි. සුළු ගං වතුර  තත්ත්වයක් ලෙස සලකන්නේ කළු ගඟේ ජල මට්මට මීටර් 7.5 වූ විටය, මහ ගං වතුර තත්ත්වයක්  ලෙස සලකන්නේ මීටර් 9.5 වූ විටය, අති විශාල ගං වතුර තත්ත්වයක් ලෙස සලකන්නේ මීටර් 10.5 ක් වූ විටය.  මේ වන විට සුළු ගංවතුර තත්ත්වයක් දක්වා කළු ගගේ ජල මට්ටම වැඩිවී තිබේ.  

කළු ගගේ අතු ගංගාවන වේගඟ, හංගමු ගඟ දෙනවක ගඟේද ජල මට්ටම වැඩිවි ඇත.

සිරිපා අඩවිය ආශ්‍රිතව ද මහවැසි ඇතිවීම හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම තවදුරටත් වැඩි වෙන බව වාරිමාර්ග කාර්‍යාලය පවසයි.   

 

 



අදහස් (0)

කළු ගඟේ ජල මට්ටම ඉහළ නගී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 453 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site