(මහින්ද නිශ්ශංක)
කොළඹ-මඩකලපුව දුම්රිය මාර්ගයේ වැලිකන්ද හා පූනානි අතර රාත්‍රී තැපැල් දුම්රිය පීලීපැනීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට පොළොන්නරුව දක්වා සීමාකර ඇතැයි දුම්රිය පාලන කාර්යාලය පවසයි.
මේ අතර මඩකලපුව දුම්රිය ස්ථානයෙන් අද (07) ප.ව. 5.20ට පිටත්වීමට නියමිත කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය හා රාත්‍රී 8.15ට පිටත්වීමට නියමිත නගරාන්තර දුම්රිය පොළොන්නරුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව ද දුම්රිය පාලන කාර්යාලය පවසයි.
ඊයේ (06) රාත්‍රියේ අලි තිදෙනෙකු හැපීම හේතුවෙන් දුම්රිය එන්ජිම හා මැදිරි දෙකක් පීලී පැනීමට ලක් වූ අතර කොළඹ සිට පැමිණි දුම්රිය ආපදා රථය මගින් දුම්රිය එන්ජිම හා මැදිරි පීලිගත කිරීම් ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාත්‍රි කාලයේ දුම්රියවල අලි හැපීම නතර කිරීමට නම් පළමුව අලිමංකඩ වෙත දුම්රිය ළඟාවීමට පෙර දුම්රියේ වේගය 15KM දක්වා අඩුකර අලිමංකඩ පසුවූ පසු වේගය වැඩිකිරීම සහ දුම්රියේ සවිකර ඇති දුම්රිය මාර්ගයට පමණක් සිමා වී ඇති "HEAD LIGHTS " දුම්රිය මාර්ගය දෙපස පුළුල් පරාසයක් ආවරණය වන පරිදි සහ දුම්රිය නලාව දිගින් දිගටම ක්‍රියාත්මක කිරීම කල යුතුය. එවිට අලි මැරීම පමණක් නොව දුම්රිය අනතුරු නිසා සිදුවන අතිවිශාල ආර්ථික හානියද වළක්වා ගතහැක. නුදුරු අනාගතයේදීම රජය අලිමිනිස් ගැටුමට පමණක් නොව අලි - දුම්රිය ගැටලුවටත් නව තාක්ෂණය මගින් ලබාදීමට බොහෝ ඉඩකඩ තිබේ.