IMG-LOGO

‘කිසිදු රණවිරුවකු නීතිය හමුවට ගෙනෙන්නේ නෑ‘ - හිටපු ජනපතිනි

(සිරාජ් හසීම්/එස්.ප්‍රදීපන්)
ත්‍රස්තවාදයෙන් රට බේරාගත් කිසිදු රණවිරුවෙකු නීතිය හමුවට ගෙන විත් දඩුවම් නොකරන බවත් යුද්ධය මුවාවෙන් නිරපරාදේ දෙමළ ජනතාව මරා දැමූ අයට එරෙහිව කටයුතු කරන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යාපනයේදී පැවසුවාය.

එමෙන්ම යුද්ධයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් තම පිරිස් කෙසේ අතුරුදහන් වූවාදැයි විමසන බවත් ඔවුන් කිසිදු අවස්ථාවක ඊට සම්බන්ධ අයට දඩුවම් කළයුතු යැයි සඳහන් නොකළ බවත් කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.
යාපනයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම සදහා යාපනයට ගිය ජාතික සමගිය හා සංහිදියා කාර්යංශයේ සභාපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තෙල්ලිපලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයට සහභාගී වෙමින් මේ බව කියා සිටියාය.
‘‘පසුගිය වසරේ මම අවස්ථා දෙකකදී යාපනයට පැමිණියා. නමුත් අද මම මෙතනට පැමිණියේ ඉතා සතුටින්‘‘
‘‘අපි වසර දෙකක් පුරා සැලසුම් කරලා මුදල් හොයාගෙන දැන් උතුරට සංවර්ධන කටයුතු ලබා දෙන්න අපේ කාර්යංශය සමත් වෙලා තියෙනවා. අතුරුදහන් වූවන් සෙවීම සදහා අවංකව හා ක්‍රියාශීලී වැඩපිලිවෙලක් කරනවා කියලා රජය ජනතාවට ජාත්‍යන්තරයටත් පොරොන්දු වුණා. ඒ සදහා නීති රීතිත් ගෙනල්ල පාර්ලිමේන්තුවේ සම්මත කරගෙනත් ඉවරයි. දැන් ජනාධිපතිතුමා ඒ නීතිය අත්සන් කරලා ක්‍රියාත්මක කරන්න විතරයි තියෙන්නේ‘ යැයි ද හිටපු ජනාධිපතිනිය කීවාය.



අදහස් (5)

‘කිසිදු රණවිරුවකු නීතිය හමුවට ගෙනෙන්නේ නෑ‘ - හිටපු ජනපතිනි

Amila Sunday, 26 March 2017 07:19 PM

බෝම්බ ගෙනා කොටීයා එළියේ අල්ලපු වීරුවා අැතුලේ.

:       4       123

siri Sunday, 26 March 2017 08:34 PM

රට විනාස කරලා දැන් බයිලා ගහනවා.

:       3       172

Perera Monday, 27 March 2017 06:15 AM

මිනිස්සු ඔයා කියන දේත් අහනවද මන්දා

:       1       106

amali Monday, 27 March 2017 11:26 AM

අනේ යන්න මෙයා යන්න බලයට කෑදර ඔයාද මහින්දද කියල අපිටත් තෙරෙනේව. මහින්දට තව ජන ආකර්ෂණයක් වත් තියෙනවා. ඔයාට ඉතින් යන යන තැන හුව තමයි.

:       0       123

sopi Monday, 27 March 2017 12:23 PM

අපොයි .....මෙයා කියන දේවල් ගැන කවුද නොදන්නේ ....??

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site