මහේෂ් කිර්තිරත්න
විදේශ ශිෂ්‍යත්ව හෝ පුහුණු වැඩසටහන්වලට ප්‍රාදේශීය හා පළාත් මට්ටමින් සේවය කරන කාෂිකර්ම නිලධාරින්ට හා ගොවීන්ට අවස්ථාවන් ලබා දීමේ අරමුණින් අමාත්‍යංශයේ නිලධාරින්ට වසරකට තුන්වතාවකට වඩා විදේශ ගතවීමට අවස්ථාව ලබා නොදෙන ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට තමන් උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසිය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ “අපි වවලයි - අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික ක්‍රියාන්විතය පිළිබඳව පොළාන්නරුව හා මාතලේ දිස්ත්‍රික්යේ සිටින කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර සහ සංවර්ධන නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙන දැනුම්වත් කිරීමේ වැඩසටහනට සහභාගී වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය මහින්ද අමරවිර මහතා මෙසේද පැවසිය.
"රටේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් දසදහසක් පමණ ඉන්නවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්නවා නිලධාරින් 15000ක් විතර. ඒ වගේම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේත් එවැනිම නිලධාරින් පිරිසක් ඉන්නවා. නමුත් අපි බැලුවොත් තවමත් අපේ රටේ වගා කළ හැකි භෝග තවමත් පිටරටින් ආනයනය කරනවා"
COMMENTS
එහෙම ගත්තොත් ඉතින් මන්ත්‍රීලා, ඇමැතිලා කීයක් ඉන්නවද? පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ, ප්‍රාදේශීය සභාවේ, අරවගේ මේවගේ? සමහරු පරම්පරා තුන හතරකට මාරුවෙවී ඉන්නවා. අධි සුඛෝපභෝගී වාහන වල තවත් වාහන පිරිවරාගෙන එහෙමෙහේ ඉගිල්ලෙනවා. ලෝකේ පුරා ගෙදර උන්දැලයි වැඩට ඉන්න පිරිසයි එක්කල රවුම් ගහනවා. රටේ සල්ලිත් හොරා කනවා. පසුගිය අවුරුදු ගණනාවකටම කරපු මගුලක් තියෙනවද? අපි එන්න එන්නම හිඟන්නෝ වෙනවා. නිලධාරීන් උන්නට මොනවා කරන්නද? මහාචාර්ය වරුන්ටත් උගන්වන්න යන්නේ මේ මන්ත්‍රීලා කියන හොරු කල්ලියනේ? මොකද ඒ අය ජනතාවගේ නියෝජිතයින්ද? පක්ෂ නායකයන්ට මුට්ටිය අල්ලන අයගේ ලැයිස්තුවට ජනතාවට කියලා වහලා කතිරේ ගස්සාගෙන මන්ත්රිලා වුණු හරක් රැළක්නේ? ඒ අය එලවලා රටේ සාමාන්‍ය ජනතාවගේ නියෝජිතයින්ට තමන්ගේ නියෝජිතයන් තෝරාගන්න අවස්ථාවක් දෙනකල් වගාව තියා මොන දෙයක්වත් හරියන්නේ නැහැ. ඔය මන්ත්‍රීලා රැලට වියගස් බැඳලා කුඹුරු හෑවා නම් වගාව දියුණු කරන්න තිබුණා.
මමත් අවුරුදු තිහකට වැඩි කලක් මෙම දෙපාර්තමේන්තුවේ සේවය කරලා තියෙනවා. මම නම් හිතන්නේ විදේශ පුහුණු වැඩ සටහන් 99% ක් ම කිසි වැදගැම්මකට නැති ඒවා. මේ විදේශ පුහුණු වලින් නිසි පලයක් තියෙනවනම් මේ රට ගොවිතැනින් මේ තරම් අගාදයකට වදෙටෙන්නේ නැහැ.
රට මැදින් ආරම්භ වන ගංගා 103ක් දිවයිනේ සිව්කොනින් මුහුදට වැටෙයි. 23000 කට වැඩි වැව සහ වාපි කර්මාන්තවලින් වැඩි ප්‍රමාණයක් වල්බිහිවෙමින් පවතියි. පැරණි හෙළ රජදරුවන් ජනතාවගේ ජීවිතවලට අරමුණක් පැවරීම වෙනුවෙනි ඒවා ඉදි කලේ. ජනතාව ආහාර සඳහා දහදිය පොහොර කළහ. දසදිග පැතුරුණු තැනිතලා, මිටියාවත් , සහ වනාන්තරවල ඉබේ වැඩුන තෘනවලින් ලබාගත් ඥානයෙන් ජනතාව බතට හුරුවුහ. පෙරදිග ධාන්‍යාගාරය ගොඩනැගුනේ එසේය. එවැනි රටක කෘෂිකර්මාන්තයේ වත්මන් තත්වය සතුටුදායකද? සොරොව්ව, වැව තාවුල්ල, පිටවාන, රළපනාව, බිසෝකොටුව නටබුන් වූ වචන පමණි. ලෝකයේ සම්භාවනාවට පත් හෙළ වාරි ඉංජිනේරුවන් වූ ගොවියෝ අද ඉලුක් සෙවෙලි කල පැලක අතරමංවී බලා සිටිති. දේශපාලකයින්, ඉහළ නිලධාරින් විදේශගතව ගෙනෙන බෝල් දැනුම කුඹුරේ පැල නොවෙයි. සහල්, කුරක්කන්, මුන් ඇට, තල විදෙස් රටවලින් ගෙන්වා ගනිති.
බිල්ඩිමේ කුලිය ගෙව්වාම වෙන සල්ලි ඉතුරු වෙන්නේ නැතුව ඇති . 'අපි වවලයි අපි කන්නේ' කියලා නොවෙයි , "අපි වවාගෙනයි කන්නේ" කියලා යෙදුවා නම් ගැලපෙනවා .