කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ ශ්‍රමිකයින් 56 දෙනකුගෙන් සමන්විත පිරිසක් අද යළි ශ්‍රී ලංකාවට පැමිණියහ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත ඔවුන් මෙලෙස ගෙන්වාගෙන තිබිණි.
ඔවුහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 230 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණියහ.මෙම පිරිස අතරට පිරිමි ශ්‍රමිකයින් 9 දෙනෙකු සහ කාන්තා ශ්‍රමිකයින් 47 දෙනෙකු සිටින බව කාර්යාංශය පවසයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම ශ්‍රමිකයින් සේවා ගිවිසුම ඉක්මවීම, සහ රැකියා ස්ථානයේ සිදුවූ විවිධ කරදර හේතුවෙන් තානාපති කාර්යාලය වෙත පැමිණ ඇත.
මෙම පිරිස අතුරින් ශ්‍රමිකයින් 42 දෙනෙකු තම ඥාතීන් සමගඟ නිවෙස් බලා පිටත්ව ගිය අතර, තවත් ශ්‍රමිකයින් 15 දෙනෙකු සඳහා ගමන් ගාස්තු කාර්යාංශයේ සහන පියස සුභසාධන මධ්‍යස්ථානය මගින් ලබා දීමට කටයුතු කර තිබිණි.
මෙම පිරිස අතුරින් කාන්තාවන් 02 අසනීප තත්ත්වයේ පසුවන බව කාර්යාංශය පවසයි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා දැක තිබෙනවා බොහෝ අවස්ථාවල අපේ මැද පෙරදිග ඉන්නා ශ්‍රමිකයින් පවසන දෙයක් නම්, අපේ තානාපති කාර්යාල වලින් ඔවුන්ට නිසි සේවා පහසුකම් ලබා ගත නොහැකි බව... නමුත් ඇත්ත වශයෙන්ම මෙවැනි ආපදාවට පත් ශ්‍රමිකයින් රජයේ වියදමින් නැවත ලංකාවට ගෙන ඒම වැනි සේවාවන් තානාපති කාර්යාල මගින් සලසා දීම අගය කළ යුතු දෙයක්.
අපි පොඩි කාලේ මැද පෙරදිග යනවා කියන එක එච්චරම කටුකයි කියලා තේරුණේ නැහැ. ලංකාවේ ජීවත් වෙනවට වඩා මැද පෙරදිග ගහින් කීයක් හරි හම්බ කරන එක, යන පුද්ගලයින්ගේ කැමැත්තට අනුව හොඳයි කියලා හිතුණා. නමුත් ගෘහ සේවිකාවන් හෝ සේවකයන් ලෙස යන පුද්ගලයන්ගේ හෝ ඔවුන්ගේ පවුල්වල තීරණ වලින් පමණක් එම කාර්ය සඳහා නොයැවිය යුතුයි කියලයි මම හිතන්නේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම මෙම පුද්ගලයන්ද ලංකාව නියෝජනය කරන අය. ඔවුන්ගේ සුභ සාධනය, සනීපාරක්ෂාව, විදේශයකට ගියාට පස්සේ ඇතිවෙන අතුරු විපාක, සමාජීය ප්‍රශ්න ගැන රටක් හැටියට සැලකිය යුතුයි කියලයි මම හිතන්නේ. මොකද භූමියක මිනිසුන් හිටියොත් විතරයි රටක් වෙන්නේ...