තරිඳු ජයවර්ධන
කොළඹ සෞන්ධර්ය කලා විශ්ව විද්‍යාලයේ තෙවැනි වසර සිසුන් පිරිසක් එහි අවසන් වසර ශිෂ්‍යයකුට අමානුෂික ලෙස පහර දී ඇතැයි කුරුඳුවත්ත පොලිසිය කියයි.
20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පැමිණ මෙම පහර දීම සිදු කර තිබෙන බව එම සිසුවා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
අද දහවල් පැවැත්වීමට නියමිත අවසන් විභාගයකට සූදානම් වෙමින් තනිවම සිටිය දී සිසුවා මෙම ප්‍රහාරයට ලක්වී ඇත. සිසුවාගේ හිසට සහ කොන්දටද ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇතැයි දැනගන්නට තිබේ.
COMMENTS
ඒ අයගේ කළා කුසලතා ගැන අපි සතුටු වෙන අතර. විභාග වලට වඩා, ගැටුම් හා අරගල අපේ රටට වඩා වැදගත් බව ඔවුන් ක්‍රියාවෙන්ම ඔප්පු කොට තිබෙනවා. .
කලා පීඨයට එන්නේ ගම්බද පාසල් වලින් නිසා මොවුන්ගේ හැදියාව අන්තිමයි. විශ්ව විද්‍යාලයේ ඉන්නවා කියලා ගමේ මිනිස්සු ඉස්සරහ ලොකුකම් දානවා. කැම්පස් එකට අවම අනිත් කොල්ලෝ මෙයාලව ශත පහකට ගණන්ගන්නේ නැති නිසා මෙහෙම ගහගන්න යනවා.
දිනෙන් දින දියුණුවෙන ජාතියක පෙර ලක්ෂණ නේ මේ?
කළා අංශයේ ලෙක්චර් වල ප්‍රායෝගික පාඩමක් වෙන්නැති!