(පද්මා කුමාරී කංකානම්ගේ )
වසරේ වැඩි කලක් පුරා හොදින් සූර්‍යාලෝකය ලැබෙන කල්පිටි අර්ධද්වීපයේ ගොවි ජනතාවට, සූර්ය බල ශක්තියෙන් සිය ගොවි බිම්වලට විදුලිය ලබාදීම හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතියක් පසුගිය දා කල්පිටිය දලුව කජුවත්තේදී සිදු කෙරිණි.
වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍ය සුමල් තිසේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවේ දී ගොවි ජනතාවට සුර්ය ශක්ති ජල පොම්ප බෙදා දීම සිදුවිය. සිය ගොවි බිම් සඳහා ජලය සැපයීමට, විදුලිය සඳහා හෝ ඉන්ධන සඳහා අධික වියදමක් දරණ පසු බිමක් මත ගොවි ජනතාවට පරිසර හිතකාමී, සූර්ය ශක්ති ජල පොම්ප හඳුන්වාදීමට ලැබීම සතුටට කරුණක් බව මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. ඉදිරියේ දී මෙම ව්‍යාපෘතිය කල්පිටි අර්ධද්වීපය පුරා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බැව් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොද වැඩක්... මේ දේවල් වලින් නිසි පල ලබා ගැනීමට ජනතාව කටයුතු කල යුතුය.
දුම්කොළ හේනකට විදුලිය සපයලා මෙතුමා මෙපමණ සතුටු වෙනවනම්, පොලොන්නරුව පැත්තේ ඉන්න වී ගොවිතැන් කරන ගොවියට සහන මිලට පොහොර ටික දීල අස්වැන්නන්ත් සහන මිලකට විකුණා ගන්න ක්‍රමයක් සැලසුවොත් කොපමණ සතුටු වෙයිද නේද?
ඉතාම කාලෝචිත විසඳුමක්. තව තවත් මෙය ප්‍රචලිත කිරීමට ශක්තිය ලැබේව.
ඇත්තෙන්ම ඉතාමත් කාලෝචිත වැඩ පිළිවෙලක්. නමුත් කණගාටුවට කාරණය නම් වගා කිරීමට මෙතරම් දේවල් තිබියදී දුම්කොළ වගාකිරිමයි. කල්පිටියේ වී වගාකරන්න බෑ තමයි. නමුත් එළවලු, පලතුරු වර්ග වගාකරන්න පුළුවන්. බලධාරීන්ගේ අවධානය මේ කෙරෙහිත් යොමුවෙනවානම් වටිනවා.