IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


කොමිසම සහ පොලිස්පති අතර ගැටලුව විසඳාගන්න දින 14ක් කල් දෙයි

තරිඳු ජයවර්ධන
 
ජාතික පොලිස් කොමිෂන් සභාව හා පොලිස්පතිවරයා අතර මතුව ඇති ගැටළු දින 14ක් ඇතුළත නිරාකරණය කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දැනුම්වත් කරන ලෙස අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පොලිස් කොමිසමටත් පොලිස්පතිවරයාටත් දැනුම් දුන්නේය.
 
කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්විය.
 
පොලිස් කොමිෂන් සභාව ලබා දෙන නියෝග පොලිස්පතිවරයා ක්‍රියාත්මක නොකිරීම නිසා මතුව ඇති ගැටළුව ගැන සාකච්ඡා කිරීම සඳහා දෙපාර්ශ්වයම අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවට කැඳවා තිබිණි.
 
එම ගැටළු ගැන පුළුල් ලෙස අවධානය යොමු කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එම ගැටලු  දින 14ක් තුල සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ගන්නා ලෙස දෙපාර්ශ්වයට දැනුම් දුන්නේය.
 
පොලිස් කොමිෂන් සභාවෙන් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් කැරුණු පාලිත සිරිවර්ධන මහතාට අදාල උසස්වීම ලබා නොදීම, දේශපාලන පලිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීන්ට අදාළ සහන ලබා නොදීම, යුද්ධයෙන් පීඩාවට පත්වූ පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබා නොදීම, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි විභාග නොකිරීම ඇතුළු කාරණා කිහිපයක් පොලිස්පතිවරයා ඉටු නොකළ බව කියමින් ජාතික පොලිස් කොමිෂන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ කරුණු දක්වා තිබිණි.



අදහස් (3)

කොමිසම සහ පොලිස්පති අතර ගැටලුව විසඳාගන්න දින 14ක් කල් දෙයි

Chanak Los angeles Friday, 07 September 2018 09:37 PM

මිනී මැරුමකට සිරගත කල කෙනෙකුට නියෝජ්‍ය පොලිස්පතිකම දෙන්න කියලා කොමිසම කියන්නේ මොන පදනම යටතේද ? එහෙම පුද්ගලයාව නැවත පොලිස් සේවයේ යෙදවූයේ කවුද කෙසේද කියන එකයි ඔය කොමිසමෙන් සොයා බැලිය යුත්තේ

:       0       0

muditha Saturday, 08 September 2018 08:05 AM

කව්ද මිනී මරලා තියෙන්නේ? සාක්කි තියෙනවද? අධිකරණයෙන් දඬුවම් දීලා තියෙනවද?

:       0       0

Bamunuarachchi Sunday, 09 September 2018 09:38 AM

නොවිසඳුනත් අපිට කමක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 355 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site