බිඟුන් මේනක ගමගේ
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) පාර්ලිමේන්තුවට සීමා නොවී මහජනතාව අතරට ගොස් ක්‍රියාත්මක වන වැඩපිළිවෙලක් ඉදිරියේදී දියත් කරන්නේ යැයි එහි සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
කාරක සභා රැස්වීම් දැනට පවත්වන්නේ පාර්ලිමේන්තුවේ කමිටු සභා කාමරයේ පමණකැයි කී හෙතෙම නව වැඩපිළිවෙල යටතේ කාරක සභාව මහජනතාව වෙතට ගොස් අදහස් හා යෝජනා ලබාගැනීමට කටයුතු කරන්නේ යැයි අවධාරණය කළේය.
ඊට අදාළ ක්‍රමවේද සකස් කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටින්නේ යැයි ද එමගින් වඩාත් ගවේෂණශීලී ලෙස කටයුතු කිරීමට කෝප් කමිටුවට හැකි වනු ඇතැයි ද මන්ත්‍රීවරයා කීවේය.
එනිසා ඉදිරියේදී මහජනතාවට කෝප් කමිටුවට සෘජුවම සම්බන්ධවීමට හැකිවනු ඇතැයි ද ඔහු පැවසීය.
අඩුපාඩුකම් සහිතව වුවත් ජාතික විගණන පනත ක්‍රියාත්මක වීම යහපත් යැයි ද එනිසා කෝප් කමිටුවට නව ජවයක් ලැබී ඇතැයි ද හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
රටට ප්‍රයෝජනවත් යමක් සිතන්නට කරන්න වුවමනාව තියන මහජන නියෝජිතයින් කියන වචනවල ගෞරවය රැකෙන ලෙස තම වගකීම හා යුතුකම හඳුනාගෙන කටයුතු කරන ඔබ වැනි මිනිසුන් ජාතියට වාසනාවක්...