තරිදු ජයවර්ධන
කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් කේ උපාලි මහතා වහාම එම ධුරයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරි සඳහා යොදවන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට නියෝග කළේය.
කතරගම පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි කිහිපයක් විමර්ශනය කිරීම ආරම්භ කළ බවත් එම පැමිණිලි සැලකිල්ලට ගෙන ඒ මහතා පොලිස් ස්ථානාධිපති ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කළ බවත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
මීට මාස තුනකට පමණ පෙර ද කතරගම පොලිස් ස්ථානාධිපතිවරයා එම තනතුරින් ඉවත් කර ගම්පහ දිස්ත්‍රික්කයේ වෙනත් පොලිසියක ස්ථානාධිපති ලෙස පත් කරන ලෙස උපදෙස් ලබා දුන්නත් එය ක්‍රියාත්මක නොවූ බව ද, මෙවර ඔහුට ස්ථානාධිපති ධුරයක් නොදී සාමාන්‍ය රාජකාරි සදහා යෙදවීමට තීන්දු කළ බව ද ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සදහන් කරයි.
COMMENTS
පොලිස් කොමිසමට අවනත නොවන පොලිස්පතිවරයෙක් තියාගෙන මේ ආණ්ඩුව කරන්නේ බලවත් වරදක්... එක්කෝ පොලිස්පතිවරයා ඉවත් කළ යුතුයි. එසේ නැතිනම් පොලිස් කොමිසමේ සමාජිකයින්ට ඉල්ලා අස්වෙන්න කියා නව කොමිසමක් පත්කළ යුතුයි. යහාපාලනය කියන්නේ එක එක්කෙනාට ඕනෑ විදියට රිලා නැටුම් නටන්න දෙන එක නොවේ කියලා මේ ජෝඩුවට තේරෙන්නේ නැති හැටි....
මීට මාස තුනකට පෙර කතරගම පොලිස් ස්ථානාධිපතිවරයා එම තනතුරින් ඉවත් කර ගම්පහ දිස්ත්‍රික්කයේ වෙනත් පොලිසියක ස්ථානාධිපති ලෙස පත් කරන ලෙස දුන් උපදෙස් ක්‍රියාත්මක නොවූ බව ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි. එහෙනම් මොකටද ඔය නිවට කොමිසම...? මේ නියෝගයටත් වෙන්නේ ඒකම තමයි. නිකරුනේ මහජන මුදලින් නඩත්තු වෙන ආයතන තව කොපමණ ඇත්ද? කව්ද මේවට වගකියන්නේ?
පොලිසියට මහා අපල කාලයක් මේ.
කතරගමට වුණු ලොකු සේවයක්... කතරගම කුඩු ගංජා වලින් කතරගම පිරුණා.
වංචා, දූෂණ, හොරකම් ආදිය කරන සුරුට්ටු පොලිස්කාරයින් සේරමලාවම වහාම අස්කරලා ගෙදර යවන්න! එම ඉඩවලට උගත්, ශීලාචාර, දක්ෂ.... අයව පත් කරන්න !!