කොටහේන අලුත් මාවත මාර්ගය අද(22) රාත්‍රී 9 සිට ලබන 25 වැනිදා දක්වා වසා දැමීමට පියවර ගෙන ඇතැයි පොලිසිය පවසයි.
ජලනල එළීමේ ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් මෙසේ කොටහේන අලුත් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමන බව පොලිසිය දන්වා සිටී.
විකල්ප මාර්ග ලෙස පිටකොටුව, කොච්චිකඩේ සිට පැමිණෙන රථවාහන හෙට්ටියාවත්ත හන්දියෙන් දකුණට හරවා ජෝර්ජ්.ආර්. ද සිල්වා මාවතේ ගමන් කර බ්ලූමැන්ඩල් හන්දියෙන් වමට හරවා බ්ලුමැන්ඩල් මාර්ගයේ ගමන් කර බෝධිය හංදියෙන් මාදම්පිටිය මාර්ගයට හෝ ශාන්ත ජේම්ස් මාර්ගයට යොමු වී අලුත් මාවතට පිවිසිය හැකි බවත් එසේ නැතිනම්, මට්ටක්කුලිය දෙස සිට පැමිණෙන රථවාහන මාදම්පිටිය මාර්ගයට හෝ ශාන්ත ජේම්ස් මාර්ගයෙන් බෝධිය හංදියට ගමන් කර බ්ලුමැන්ඩල් මාර්ගය ඔස්සේ ජෝර්ජ්. ආර්. ද සිල්වා මාවත හංදියට පැමිණ ජෝර්ජ්. ආර්. ද සිල්වා මාවතෙන් හෙට්ටියාවත්ත හංදියට ගමන් කළ හැකි බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ පාරවල් වහන්න පොලිසිය මොකට කරදර වෙනවද? දොස්තර සංගමේට හරි ශිෂ්‍ය බල මණ්ඩලේට හරි මේ ජොබ් එක භාර දුන්න නම් අවුරුද්දක් වුනත් පාර වහල දෙයිනේ.