දකුණු ඉන්දියාවේ කොචින් නගරයෙහි දැනට පවතින ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් 18 වැනිදා තෙක් වසා දැමුණු කොචින් ගුවන්තොටුපොළ ලබන 26 වැනිදා තෙක් තව දුරටත් වසා දැමීමට ගුවන්තොටුපෙළ බලධාරීන් කටයුතු කර තිබේ.
මේ හේතුවෙන් මගීන්ට මුහුණපෑමට සිදුවන අපහසුතාවයන් අවම කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.
මේ අනුව කොචින් සිට කොළඹට පැමිණීමට ගුවන් ප්‍රවේශපත් වෙන්කරවා ගත් ගුවන් මගීන්ට ශ්‍රීලංකන් මෙහෙයුම් සිදුකරන ත්‍රිවේන්ද්‍රන් හරහා හෝ දකුණු ඉන්දියාවේ වෙනත් ඕනෑම ගමනාන්තයක් හරහා තම ගුවන් සංචාරය සිදුකිරීමට අවස්ථාව සලසා දී තිබේ.
ඒ සඳහා කිසිදු අමතර අයකිරීමක් නොමැති බවද ගුවන් සමාගම ගුවන් මගීන්ට දැනුම් දී තිබේ. මීට අමතරව, කොළඹ සිට කොචින් දක්වා පියාසර කිරීමට නියමිත මගීන් සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය මෙහෙයුම් සිදු කරන දකුණු ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රන් හෝ වෙනත් ඕනෑම ගමනාන්තයක් වෙත පියාසර කිරීමට පහසුකම සලසා දී ඇත.
ශ්‍රීලංකන් ගුවන් සමාගම ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රන් සහ කොළඹ අතර අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා තාවකාලිකව ගුවන් ධාරිතාව වැඩි කිරීමටද කටයුතු යොදා ඇතැයිද ගුවන්තොටුපොළ ආරංචි කියයි.
මෙම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ගුවන් මගීන්ට මුහුණදීමට සිදුවූ අපහසුතාවය පිළිබඳව කනගාටු වන බවද ගුවන් සමාගම පවසයි.
ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සමාගම කොචින් වෙත දිනපතා ගුවන් සේවා පහසුකම් සැපයීම ආරම්භ කරන අතර මෙම ආපදා තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු කොචින් ගුවන් තොටුපළ බලධාරීන්ගෙන් ලබාගැනීමට නියමිතය.
කොචින් සහ කොළඹ අතර ගුවන් ගමන් සිදුකරන ගුවන් මගීන්, පහත දැක්වෙන දුරකථන අංක මගින් ශ්‍රීලංකන් ගුවන් සමාගම හා සම්බන්ධ විය හැක.
ශ්‍රී ලංකාව– 197 ඉන්දියාව - කොචින් ගුවන් තොටුපළ ශ්‍රීලංකන් කාර්යාලය (91)4842611313 කොචින් ශ්‍රීලංකන් කාර්යාලය - (91)4842362042
වැඩිදුර තොරතුරු සඳහා www.srilankan.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
(36698)
2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොචින් ගුවන්තොට වසා තිබුණත් ශ්‍රී ලන්කන් මගීන්ට අමතර පහසුකම්