ආණ්ඩුව ඔක්තොම්බර් මාසයේදී සිදුකළ අතිරේක වියදම් පියවාගැනීම සඳහා රුපියල් බිලියන 11 ක පරිපුරක ඇස්තමේන්තුවක් අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
පුනරාවර්තන වියදම් ලෙස රුපියල් බිලියන 07 ක් (7 498 483 793) සහ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 03 ක් (3 508 991 652) අනුමත කරගැනීම සඳහා මෙම පරිපුරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
ඒ අනුව පුජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියන්ගේ ස්මාරකයක් ඉදිකිරීම සඳහා ජනාධිපතිවරයා විසින් රුපියල් මිලියන 30 ක් වැයකර තිබේ.
විදේශ රැකියා අමාත්‍යාංශ , බුද්ධ ශාසන අමාත්‍යාංශය ,ධීවර අමාත්‍යංශය , මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය , දේශිය ආදායම් දෙපාර්තමේන්තුව , යන ආයතන විදෙස් ගමන් සඳහා වියදම් කළ රුපියල් මිලියන 169 ක් (169 820 393) ක මුදලක්ද මේ යටතේ ඉදිරිපත්කර ඇත.
පසුගිය කාලසීමාව තුළ සිදුවු ස්භාවික ව්‍යවසනයක් හේතුවේ ජනතාවට සහන ලබාදීමට ඔක්තෝම්බර් මාසය තුළ රුපියල් බිලියන 27 ක් වියදම් කර ඇති අතර එම මුදලද මෙම පරිපුරක ඇස්තමේන්තුවට ඇතුළත් කර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නවීන උපකරණ ලබාගැනීමට රුපියල් මිලියන 2.5 ක් වියදම්කර ඇති අතර ණය ඉපිලුම් වියදම් සඳහා වන ප්‍රතිපාදන ඌනතාවය වෙනුවෙන් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 1.6 ක් ( 1 672 900 000) ක් වියදම්කර තිබේ.
COMMENTS
අපිනම් හිතුවේ එදාවේල බොහෝම අමාරුවෙන් හොයා ගන්න අර දියවන්නඔයේ හොර තක්කඩි රැලට කන්න බොන්න සහ ඒ අම්බරුවන්ගේ නඩත්තුවට මෙසේ වියදම් උනා කියල.
ස්මාරකයක් හදන්න මිලියන 30 ඒ කියන්නේ කෝටි 3 ක් යනවද?
පොදුජනයාට සෙතක් සැලසෙන්නේ "ස්වභාවික ව්‍යවසනයක් හේතුවේ. ජනතාවට සහන ලබාදීමට ඔක්තෝම්බර් මාසය තුළ රුපියල් බිලියන 27 ක් වියදම්" හා "කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නවීන උපකරණ ලබාගැනීමට රුපියල් මිලියන 2.5 ක් වියදම්" යන වියදම් දෙකෙන් පමණි.
රටට ඔරොත්තු දෙයිද මේ වියදම්...?
"ඒ අනුව පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ස්මාරකයක් ඉදිකිරීම සඳහා ජනාධිපතිවරයා විසින් රුපියල් මිලියන 30 ක් වැයකර තිබේ." ඉස්සර නම් මේවා කලේ මහජන සමිති සමාගම් වලින් දැන් රජය බාර අරගෙන ස්මාරකයක් ඉදිකිරීමත්... රජයෙන් ආධාර මුදලක් දීලා මහජන සමිති සමාගමක් මේකට උනන්දු කලානම් නරකද?
"ස්මාරකයක් හදන්න මිලියන 30... ඒ කියන්නේ කෝටි 3 ක් යනවද?" ස්මාරක කොමිස්