( ජයන්ත සමරකොන්)
නඩු කටයුතු කඩිනම් කරන්නැයි ඉල්ලමින් අනුරාධපුර හා මැගසින් බන්ධනාගාරවල රඳවා සිටින කොටි රැදවියන් 55 දෙනෙක් අතරින් පස් දෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර ඇතැයි රැදවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.
මෙයින් අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ සිටින කොටි රැදවියන් 12 දෙනෙක් අතරින් එක් අයෙක්ද මැගසින් බන්ධනාගාරයේ 43 අතරින් සිව් දෙනෙක්ද ප්‍රතිකාර ලබා දීම සඳහා රෝහල්ගත තර තිබේ.
බන්ධනාගාර රෝහලට ඇතුළු කරන ලද මැගසින් බන්ධනාගාරයේ කොටි සැකකරුවන් සිව්දෙනාට සේලයින් ලබා ලබා දීමෙන් පසු නැවතත් බන්ධනාගාරමය වෙත මාරුකර යවා ඇතැයිද සුරැකිමේ කමිටුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු කල්යාම රටේ තිබෙන විශාල ප්‍රශ්නයක්. කරුණාකර නඩුකාරයන් සංඛ්‍යාව දෙගුණයකින් වැඩිකර මේ ප්‍රශ්නය විසදන්න. එක දවසක මහේස්ත්‍රාත් උසාවියක තිබෙන නඩු 100 කට වැඩි ප්‍රමාණය ඇසීමට එක නඩුකාරයෙකුට කොහොමත් බැරිය. එම නිසා නඩු කල් දැමීම සිදුවේ.