(වසන්ත චන්ද්‍රපාල)
අක්කරේපත්තුව මුලික රෝහලට ප්‍රථිකාර පැමිණි කාන්තාවගේ බඩේ තිබු කිලෝ 19.5 ගෙඩියක් සාර්ථකව ඉවත්කිරිමට අකරේපත්තුව මූලික රොහලේ වෛද්‍යවන් පිරිසක් සමත්ව තිබේ.
උදරයේ තිබු ගෙඩියේ පළල සෙ.මි.34 ක් වු අතර එහි දිග සෙ.මි 48 කි.උස සෙ.මි.23 ක් බව අක්කරපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි එම් ජවුහීර් මහතා පැවසිය.
මෙම ශල්‍යකර්මය සදහා පුරා පැය දෙකක පමණ කාලයක් වෛද්‍ය කාර්ය මණ්ඩලයට ගතවී තිබේ.
අක්කරේපත්තුව මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥවරුන් වන එස්.එස්.ජමීල්,කේ.ඉර්න්ද්වාන්, මාතෘ සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය යුරේෂියා වික්‍රමසිංහ, නිර්වින්දන වෛද්‍ය වාමන් කුරුප්පු ඇතුළු වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය සහභාගී වී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිබේදය සහ ආගම් බේදය නැතිකරගත්තොත් අපේ රට ගොඩ.
සතුටුදායක ආරංචියක්
මනුෂ්‍යත්වය කියන එකට ජාතියක් ආගමක් නැත.