IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උතුරුමැද අධ්‍යාපන අධ්‍යක්ෂකට තාවකාලික මාරුවක්

(උපාලි ආනන්ද)
 
 
උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා ඒකනායක මහත්මිය වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයට තාවකාලිකව අනුයුක්ත කරන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ එම්. පී. ජයසිංහ  මහතා බත්තරමුල්ල රජමල්වත්ත පාර පිහිටි රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දී තිබේ.  


උතුරු මැද පළාත් ආන්ඩුකාර අධිනීතිඥ එම් ජී ජයසිංහ මහතා විසින් රාජ්‍ය සේවා  කොමිසන් සභාවේ ලේකම්වරයාට යවා ඇති එම ලිපියේ තවදුරටත්  මෙසේද සඳහන්ය. 


උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිදු වී ඇති මූල්‍ය වංචාවක් සම්න්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා නිලධාරියෙකු පත්කර ඇති බැවින් එම විමර්ශන කටයුතු විධිමත් පරිදි සිදු කිරීම සඳහා දැනට උතුරු මැද පළාත් අධ්‍යාපන  අධ්‍යක්ෂ තනතුරේ සේවයේ නියුතු ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිර්මලා ඒකනායක මහත්මිය වහාම ක‍්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යංශයට ඉසුරුපායට තාවකාලිකව අනුයුක්ත  කිරීමට අව්‍යශ කටයුතු කරන ලෙස දන්වමි.


මෙම  ලිපියේ පිටපත් ජනාධිපති ලේකම්වරයාට උතුරු මැද පළාත් ප‍්‍රධාන ලේකම්වරයාට උතුරු මැද පළාත් රාජ්‍ය සේවා  කොමිසන් සභාවේ ලේකම්වරයාට  සහ පළාත් ප‍්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයාට ද යොමු කර ඇත.



අදහස් (0)

උතුරුමැද අධ්‍යාපන අධ්‍යක්ෂකට තාවකාලික මාරුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site