රංජන් කස්තුරි
විශ්‍රාම වැටුපකට හිමිකම් කියන සමස්ත රාජ්‍ය සේවකයින් අතරින් මසකට රුපියල් 150,000 කට වැඩි ඒකාබද්ධ වැටුපකට හිමිකම් කියනුයේ දුම්රිය සේවකයින් හා වෛද්‍යවරුන් පමණකැයි මහා භාණ්ඩාගාරයේ ප්‍රකාශකයෙක් කීය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ එන්ජින් රියදුරෙකුගේ මාසික වැටුප රුපියල් 250,000 ට වැඩි අතර ඔවුන්ට මසකට රුපියල් 10,000 ක පමණ මුදලක් උපයන විට ගෙවන බදු ලෙස ගෙවීමට පවා සිදුවන බවද ඔහු කීය.
සමස්ත රාජ්‍ය සේවකයින් අතරින් ඉතාම ඉහළ වැටුප් ලබන දුම්රිය සේවකයින්ට තවත් වැටුප් වැඩි කිරිමෙන් රාජ්‍ය සේවයේ අංශ ගණනාවක වැටුප් විෂමතා මතුවන බවද හෙතෙම සඳහන් කළේය.
දුම්රිය එන්ජින් රියදුරු දුම්රිය නියාමක දුම්රිය ස්ථානාධිපති දුම්රිය අධීක්ෂණ කළමනාකරණ විශේෂ ශ්‍රේණියට අයත් නිලධාරීන්ගේ මාසික ආරම්භක මුලික වැටුප 44,600 ක් වන අතර ඔවුන් එය රුපියල් 56205 දක්වා වැඩිකිරිමට කරන ඉල්ලීම අසාධාරණ බවද ඔහු සඳහන් කළේය.
ඉංජිනේරු, ගණකාධිකාරි, ක්‍රම සම්පාදන, වස්තු විද්‍යාඥ, වෛද්‍ය සේවා, කෘෂිකාර්මික, මිනින්දෝරු කාර්මික සහකාර,පොලිස් අධිකාරි,ආදි වෘත්තිය සේවාවන්ට අයත් නිලධාරින්ගේ මෙම පරිපාලන නිලධාරීන්ට මෙවැනි මුලික වැටුපක් හිමි නොවන බවද ඔහු කීය.
COMMENTS
ලක්ෂ ගණන් පඩි දීලත් වෙලාවට සේවාවක් නෑ. මිනිසුන්ගේ ජීවිත පිලිබඳ තැකීමක් නෑ මාසෙකට දෙපාරක් වර්ජන වර්ජන. ජනපතිතුමනි හැකිනම් දුම්රිය දෙපාර්තමේන්තුව විසුරුවා හැර සියලුම සේවකයන් අනිවාර්ය විශ්‍රාම යවන්න. දෙපාර්තමේන්තුව නැවත අලුතෙන්ම ගොඩ නගනතුරු හමුදාවට දුම්රිය භාර දෙන්න.
ඕස්ට්‍රේලියාවේ සේවය කරන අපේ වෛද්‍යවරයෙක් අවම වශයෙන් මසකට රුපියල් ලක්ෂ 10ක වැටුපක් ගන්නවා. ඒ වගේ වැටුපකට රට නොයා ලංකාවේ නතර වුන වෛද්‍යවරුන්ට ගරු කලොත් හොඳයි නේද?
තමන් කරන සේවයට සරිලන වැටුපක් ලැබීමට සැමට අයිතියක් ඇත. එසේම තමන් ලබන වැටුපට සරිලන වැඩ කිරීමට ඔබට වගකීමක් ඇත. අනුන්ට කරදරයක් නොවන පරිදි වැඩ කිරීම මහත්මා ගතියකි!
මිනිස්සු හොද පඩි ගත්තට කමක් නැහැ. දක්ෂතාවයට , නැතුව කල්ලි ගැහිලා තවත් එකෙකුට එන්න නොදී උද්ඝෝෂණය කරලා නෙමේ . දුම්රිය රියදුරු කියන්නේ මේ 21 වැනි සියවසේ මහා අමුතු රස්සාවක් නෙමේ ඒ නිසා මෙවැනි රැකියා සුදුසුකම් සහිත සියලු තරුණයන්ට විවෘත වෙන්න ඕන
මේ සෑම වෘතියකටම මුලික අඩිතාලම දමන්නේ පාසලින් පාසලේ අවුරුදු 13ක් ගතකරනවා.පාසලින් දෑස පාදනවා කියා කියමනක් තිබෙනවා.ලතින් භාෂාවෙන් පාසල හදුන්වන්නේ අල්මමෙටා කියා.එහි තේරුම පාසල මගේ දෙවෙනි මව කියා.ජිවිතයේ මුලික අඩිතාලම සකස්කරන ගුරුවරුන්ගේ වැටුප් වැඩිකරන්න කියා කිසිවෙක් කියන්නේ නැහැ නේද .අඩු තරමේ ගුරුවරුවත් තමන්ගේ වැටුප් වැඩිකරන්න කියා ඉල්ලීම් කරන්නේ නැහැ. නේද .ගුරුවරයෙකුගේ මුලික වැටුප රු. 40000ක් වෙන්නේ අවුරුදු 20ක් පමණ වැඩකලහමලු.නමුත් මේ අයත් හොදින් ඉන්නවන.සමාජ සේවා වැඩත්කරනව.ගෙවීමක් නොකරන ස්වෙජ්ජ අයතනවල තනතුරුත් බොහෝවිට ගුරුවරුන්ටම පවරනවා.පොදුවේ රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකරන වෙලාවක මිසක් ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරමක් නැහැ.නරකද යහපත් ගුරුවරයෙක් ආදර්ශයට ගත්තොත් සෑහීමට පත් නොවන ඇත්තන්ට
දැන් තොරතුරු දැනගැනීමේ පනතක් තියෙනවානේ.එයට අනුව මේවා මෙහෙයවන දේශපාලකයන් රටට හෙලිකරන්න.
අනේ මන්දා, වර්ජනය කරන අය කියන්නේ බැංකු ණයක්වත් ගන්න ඉල්ලන්න බෑ එයාලගේ පඩියෙන්. සල්ලි ලැබුනට සමහර ඒවා බැංකු ස්ථිර ආදායම් කියලා පිළිගන්නේ නෑනේ. මට තේරෙන විදියට මෙතන වෙන්න ඕන තියෙන ආදායම බැංකු පිළිගන්න විදියට පඩිපතට පෙන්නන එක
පසුගිය කාලයේ මේ අය තමන්ගේ තනතුර දුම්රිය රියදුරු වෙනුවට දුම්රිය නියමු ලෙස වෙනස් කරන ලෙස ඉල්ලා වැඩ වර්ජනය කරන්න හේතුව මේකයි. ඇත්තම තමයි වැටුපේ හෑටියට තනතුරේ නමත් ගැලපෙන්න එපැයා.
කෝච්චි එපා. ඔහොමම පඩි නැතුව ගෙදරට වෙලා ඉන්න කියන්න. අපි කොහොමහරි මාසයක් මේ කට්ට කන්නම්. එතකොට බලන්න පුළුවන් ඔය අය කන බොන හැටි.
ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ වගේ ආකල්ප තියෙන ජීඑම්ඕඒ එකක් නෑ. අනික ඕස්ට්‍රේලියා ඇවිත් වැඩ කරන්න ලේසි නෑ. එන්න පුළුවන් අයට යන්න එපා කියල නෑ. මෙහෙ පෙර්මිට් නෑ. විශේෂ මොකුත් නෑ . ටැක්ස් කට් නෑ. කාටත් නීතිය එකය.
ඇතැම් දුම්රිය සේවකයින්ට ලක්ෂ එකහමාරක වැටුපක්ලු තවත් ඉල්ලනවානම් සුදු වෑන් එකක එකාගෙන යමු.
ලක්ෂ ගණන් කිව්වට හතලිස් දාහක් තමයි මූලික වැටුප. අනිත් දේවල් මහන්සිවෙලා නිදිවරාගෙන උපයන දේවල්. ඔයිට වැඩිය රට කන ගමන් ලක්ෂ පහ හය ගන්න අය ඉන්නේ.
අපි මාසික ප්‍රවේශ පත්‍ර අරගෙන බස් එකේ යනවා ඒවායේ පාඩුවත් අපිට තමයි ඔය කෝච්චි කවදාවත් වෙලාවකට දුවන්නේ නැහැ. දේශපාලන පත්වීම් තමයි මේ ඔක්කොටම හේතුව.
මොනවත් මේවට කියන්න දෙයක් නෑ. මේ වගේ තත්වයක ඉදලත් මේ තරම් තුච්ඡ ඉල්ලීම් කරන අයව පන්නා මේ සියල්ල පුද්ගලික අංශයට විකුනා හො සේවයක් මහජනයාට ලබාදීමට කොන්ද ඇති නායකයෙක් ලැබේවා.! යන්න මගේ පැතුමයි. එතෙක් අපේ විරෝදාර හමුදා සහෝදරයන් මේ සේවයට පුහුණු කර යොදවන්න. එතකොට නිකම්ම කටවහගෙන තියන පඩියට වැඩ කරයි.
සුද්දන් හදල දීපු කොච්චි පාර නවීකරණය කර දියුණු ප්‍රවාහන සේවයක් ලබාදෙන්න බැරි පාලකයෝ දුම්රිය සේවකයින් ලක්ෂ ගණන් පඩි ගන්න බවට අසත්‍යය ප්‍රචාරය කරනවා. හැම දුම්රියක්ම පැය තුන හතර ප්‍රමාදයි. ඉතින් සේවයේ නියුතු සෑම සේවයකුටම වැඩ නැතිවත් අතිකාල වැටෙනවා. ඉතින් සේවකයෝ මොනවා කරන්නද?
මේ අයට ලක්ෂ ගණන් පඩි ගෙවන්නේ මහජන බදු මුදල් වලින්... මෙච්චර වැටුපක් අරගෙනත් මේ අයට මදි. වෙන සේවයකයිනුත් නැහැ. මේ අයව ගෙදර යවලා දුම්රිය සේවය අනිවාර්යයෙන්ම පුද්ගලීකරණය කරන්න ඕනේ... නැතුව කවදාවත් මේක ගොඩ ගන්න බැහැ. මහජන මුදල් කල්දානවා.