වන්නි රොමේෂ් මධුෂංඛ
යාපනය සරසවිය ආසන්නයේ රාමනාදන් වීදියේ පිහිටි නිවසකට පැමිණි පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.
යාපනය සරසවිය ආසන්නයේ පිහිටි රාමනාදන් මාර්ගයේ පිහිටි නගුලේස්වරන් යන අයගේ නිවසට මෙම පෙට්‍රල් බොම්බ ප්‍රහාරය එල්ල වී ඇති අතර පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට යතුරුපැදි තුනකින් මුහුණ වසාගත් පිරිසක් පැමිණි ඇති අතරම බොම්බ ප්‍රහාරයෙන් අනතුරුව පැමිණි පිරිස් විසින් නිවසේ තිබූ බඩු බාහිරාදියට හානි කර පලා ගොස් ඇත.
පෙටල් බෝම්බ ප්‍රහාරය එල්ල වූ නිවසේ හිමිකරුගේ එක් පුතෙකු ආවා ක්‍රියාකාරකමක් හේතුවෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර පහර කෑමට ලක්වූ නිවසේ හිමිකරු විසින් අදාල පහරදීම සම්බන්ධයෙන් යාපනය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ අදාල පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ ධනුරොක් කණ්ඩායමේ පිරිසක් බවටයි.
ඒ අනුව අදාල පැමිණිල්ලට අනුව පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කළ පිරිස් සොයා යාපනය පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගියොත් අලුත් තස්ත්‍රවාදීන් පිරිසක් ඇතිවෙන්න ඉඩතියෙනවා. ඒ නිසා මේ මැර කල්ලි විනාශ කරලා දමන්න ක්ෂණික මෙහෙයුම් බලකායක් ස්ථාපිත කරන්න වෙයි.