IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


අල්ලස් ගත්තැයි විශේෂඥ වෛද්‍යවරයෙක් සැකපිට

ඉන්දිකා රාමනායක

කුලියාපිටිය   පෞද්ගලික වෛද්‍ය පරීක්ෂණාගාරයක වාර්තා ප්‍රතික්ෂේප නොකිරීමට මසකට රුපියල් 25,000 බැගින් රුපියල් 75,000 ක් අල්ලස් වශයෙන්  ලබාගත්     කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හා පෞද්ගලික රෝහලක විකිරණ තාක්ෂණ නිලධාරියකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද අත්අඩංගුවට ගත්තේය.

පෞද්ගලික රසායනාගාර හිමිකරු මේ සම්බන්ධයෙන් කොමිසම වෙත කළ පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදුකර ඇත.

පැමිණිලිකරුගේ  රසායනාගාරයේ වාර්තා මෙම  විශේෂඥ වෛද්‍යවරයා ප්‍රතික්ෂේක කරන බවත් එසේ නොකර සිටීමට මසකට රුපියල් 25,000 බැගින් මාස තුනකට රුපියල් 75,000  ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවත් පැමිණිල්ලේ සදහන් වේ.

සැකකාර වෛද්‍යවරයා මෙම මුදල  අනෙක් සැකකරු මාර්ගයෙන් ලබා ගැනීමට උත්සහ කිරිමේ දී දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (8)

අල්ලස් ගත්තැයි විශේෂඥ වෛද්‍යවරයෙක් සැකපිට

jayatissa Monday, 03 July 2017 12:09 PM

නොමිලේ රජයේ වෛද්‍ය විද්‍යාලවලින් උගත් දක්ෂ වෛද්‍යවරුන් අසරණ රෝගීන්ට සලකන්නේ මෙහෙමයි. සල්ලි පසුපස යන මෙවන් වෛද්‍යවරුන් ගැන කියන්න දෙයක් ඉතිරිවෙලා නැහැ.

:       0       67

karolis Monday, 03 July 2017 12:32 PM

මෙතුමා ඉගෙන ගත්තෙත් සයිටම් එකේද එතකොට?

:       2       76

nishantha Monday, 03 July 2017 12:40 PM

මෙන්න අර ප්‍රමිතියෙන් ඉහල ලංකාවේ දොස්තරලගෙන් එක්කෙනෙක්, මෙයාල මහජන මුදලින් ඉගෙන ගෙන ඊට පසු මහජන මුදලින් පඩිත් ගෙන ජනතාවටම කොකා පෙන්නනවා. මේ අසාධාරණ වලට එකමුතුව එරෙහි වෙනවා වෙනුවට දේශපාලනිකව බෙදී ඇනකොටා ගන්නවද?

:       1       58

Sudath jayaratne Monday, 03 July 2017 12:53 PM

මේ පුද්ගලයාගේ නම මොකක්ද?

:       0       183

kamal Monday, 03 July 2017 02:18 PM

මෙන්න මේ විදිහට හම්බ කරන්න පුළුවන් ඒකාධිකාරය නැතිවෙනවට තමා ජී.එම්.ඕ.ඒ. එක බය වෙලා ඉන්නේ...

:       0       9

Rosheen Monday, 03 July 2017 03:31 PM

රසායනාගාර වාර්තාවකට රෝගියෙකුගේ ජිවිතයක් තිරණය කරන්න පුළුවන් තරම් තිරණාත්මක දෙයක්. මේ පුද්ගලයා වෛද්‍ය සාරධර්ම අමතක කරලා. බෙහෙත් ගත්ත ලෙඩ්ඩුන් දැනගන්න අවශ්‍යයි තමන් බෙහෙත් ගේ කාගෙන්ද කියලා. ඒ හින්දා නම කිව්වට කමක් නැහැ.

:       0       0

sirimewan Monday, 03 July 2017 04:00 PM

ජී.එම්.ඕ.ඒ. අයගේ තොරතුරු නම් ඇතුව දෙන්න බැරිවෙයිද?

:       0       0

Padmini Tuesday, 04 July 2017 04:17 AM

ඔන්න ඕක තමයි කියන්නේ ලංකාවේ ඕනෑම පහත් වැඩක් සල්ලි වලට කරනවා කියලා. මේ අයව ප්‍රසිද්ධියේ ජනතාවට පෙන්වන්න. හොර දොස්තරලා රටේ වැහි වැහැලා. අපරාදේ, මිනිස් ජිවිත එක්ක නේද මේ සෙල්ලම් කරන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 183 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1132 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site