වසන්ත චන්ද්‍රපාල
අම්පාර නාගරික ප්‍රදේශය හරහා හමා ගිය සුළි සුළඟින් මේ වන විට නිවාස 217 ක් පමණ හානියට පත්ව ඇති බව අම්පාර දිසාපති තුසිත පි වනිගසිංහ මහතා පවසයි.
දැනට තිබෙන තොරතුරු අනුව නවගම්පුර නිවාස 150, තිස්සපුර 22, කරංගාව 28, මිහිදුපුර 11, සද්ධාතිස්සපුර 3, ජයවර්ධනපුර 2 හානි සිදුව තිබේ.
ග්‍රාම නිළධාරි මහත්වරුන් හරහා තොරතුරු ලබා ගනිමින් පවතින අතර ඉදිරියේ දී මේ ප්‍රමාණයේ යම් වැඩිවීමක් සිදුවිමට ඉඩ ඇති බව දිසාපතිවරයා පැවසීය.
සුළං තත්වයෙන් වැඩිපුරම හානි සිදුව ඇති නවගම්පුර ගම්මානයේ බොහෝ ස්ථානවලට මේ වෙන විටත් විදුලිය නොලැබී ඇති අතර එය යථා තත්වයට පත් කිරිමට විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටියි.
විපතට පත් වුවනට වියළි ආහාර ලබාදිමට කටයුතු කරන අතර දැනට රුපියල් 10,000 ක මුදලක් අද දවස තුළ ලබාදෙන බවද දිසාපතිවරයා පැවසීය.



2025 දෙසැම්බර් මස 18
227
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්පාර සුළි සුළඟින් නිවාස 217 කට හානි